ඖෂධ මිල 9%කින් නෙවෙයි 21%කින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු කරන්න ඕනෑ බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දිලා තියෙන බව අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා.
ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක්, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒත් මේ ගැන ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය කියලා තියෙන්නේ 2020 මාර්තු 8 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිකිරීම් තමයි මේ වැඩි කරලා තියෙන්නේ.ඒ මිල කමිටු අනුමත කිරීම ලබා දුන්න කාලයේ ඩොලර් එකක වටිනාකම රුපියල් 198 ක් බවත් මේ වෙනකොට ඩොලර් එකක වටිනාකම ඩොලර් 215 දක්වා ඉහළ ගිහින් තියෙන නිසා මේ මිල වැඩි කිරිම් ප්‍රමාණවත් වෙන්නේ නැහැලු.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ නිසා ඖෂධ මිල වැඩි කළා කිව්වාට ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන නම් මාධ්‍ය අමතමින් ජනතාවට කිව්වේ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් ඖෂධ මිල වැඩි කළා කියලා.