රට ලොක්ඩවුන් කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000ක සොච්චම ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක , ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ කියා තිබුණා.
ලොක්ඩවුන් පවතින කාලසීමාවේ රුපියල් දෙදාහක් වැනි මුදලක් කෙසේවත් ප්‍රමාණවත් නැහැ. එහෙත් මේ රජය මෙවැනි අසීරු ආර්ථික මොහොතක නාස්තිකාර වියදම්වලින්, ඉහළ පුද්ගලයන්ගේ දීමනාවලින්, නාස්තියෙන් කපාදැමීම හෝ ධනවතුන්ගෙන් බදු අය කිරීම වෙනුවට මුලින්ම කපා දාන්නේ දුප්පතාට දෙන දෙයින් කෑල්ලක් කපා දැමීම බව පැහැදිලියි.
දීමනාව ගන්න නිර්දේශ කළ පුද්ගලයින්ගේ නාමලේඛනය කඩිනමින් සකස් කර ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමාත්‍යවරයා දීලා තිබුණ උපදෙස් මත දැන් නාමලේඛන හදලා ඉවරයිලු.
මීට පෙර රුපියල් පන්දහසේ දීමනාව ලබා දුන් අවස්ථාවලදී, අක්‍රමිකතා සිදු වූ බවත්, දේශපාලනඥයන් අනවශ්‍ය ලෙස මැදිහත් වූ බවත් චෝදනා ගොඩක් එල්ල වුණා.