පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු රජය සිදු කරමින් සිටින අතරතුරේ සමහර පිරිස්වලට පාස්කු ප්‍රහාරය ගැන හදිස්සියක් ඇවිත් තියෙන බවත් ඒ හදිස්සිය හොඳ දෙයක් නොවන බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන කියලා.
කළු කොඩි දැම්මාත් නැතත් ඒ විමර්ශන කටයුතු රජය ඉදිරියට සිදු කරන බව අගෝස්තු 21 වෙනිදා අනුරාධපුරයේදී අමාත්‍යවරයා කියලා.
“රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට, බුද්ධි අංශවලට, අපරාධ අංශයේ පොලිස් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා නිවැරදිවම වැරදිකාරයින් හොයන්න කියලා. දැනට දෙතුන් සීයක් රිමාන්ඩ් ගතවෙලා ඉන්නවා. නඩු දාලා තියෙනවා. හිටපු කැබිනට් ඇමතිවරයෙක් දැනට අධිකරණය මගින් රිමාන්ඩ් කරලා තියෙනවා නඩුව අහලා ඉවර වෙනකල් ඇප දෙන්න එපායි කියලා. ඉතිං ඉදිරියේදීත් මේ මේවාගෙ දේවල් සිද්ධ වෙයි.
ඒ ටික කෙරෙනකල් හදිස්සියක් තියෙනවා සමහර අයට. ඒ හදිස්සිය හොඳ හදිසියක් නෙවෙයි. ඒ නිසා කළුකොඩි එල්ලුවත් නැතත් විරෝධතා දැක්වුවත් නැතත් රජයක් හැටියට අපි අපේ ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට ඉතාම තදින් ක්‍රියාත්මකව කටයුතු කරනවා කියන එක කියන්න කැමතියි”