ලංකාවට යුරෝ ඩොලර් නැවෙන් ආපු ගමන් 5000 කොළවලට මාරු කරලා බෙදන්න බෑ කියපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මාධය සාකච්ඡාවකදී කියලා තියෙනවා කෝඩිඩ් වසංගතය පැවතෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණා නම් මේ වෙනකොට රටෙන් භාගයක් මිය ගිහින් කියලා.
විපක්ෂය ආණ්ඩුව කරද්දී කිසිදු වැඩපිළිවෙළක් තිබුණේ නැති බවත් ඒ වගේ පිරිසක් කෝවිඩ් වසංගතය ගැන කතා කරන්නට සුදුසු නැහැ කියලා ඔහු කියනවා. ඒ වගේම කෝවිඩ් නිසා අසරණ වුණ මිනිස්සුන්ගේ කදුලු මතින් දේශපාලනය කරන්න එපා කියලත් ඔහු විපක්ෂයෙන් ඉල්ලනවා.
පසුගිය යහපාලන ආණ්ඩුව මේ වෙලාවේ බලය හිටියා නම් රට විශාලා මහනුවරක් වෙනවා කියලත් ඔහු කියනවා.
ඒත් රෝහිත අබේගුණවර්ධන මහත්තයා කියන්නේ නැහැ ඒ ගොල්ලෝ බලයට ඇවිත් හොඳටම කරපු විදිය ගැන. ඒ ගොල්ලෝ තමයි හොඳටම කරේ.
එයාලා හිතනවාද දන්නේ් නැහැ, මේ වෙනකොට කෝවිඩ් වෛරසය ආසාදනය වෙලා ලංකාවේ මැරෙන්නේ මිනිස්සු නෙවෙයි කියලා.

