දින 10ක් රට වැසීම ප්‍රමාණවත් නෑ – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොරෝනා වෛරසයේ බීජෞෂණ සමය ගැන විද්‍යාත්මකව සලකා බලන විට දින 10ක් රට වැසීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ පවසනවා.

වෛද්‍යවරයා ඒ බව කියලා තියෙන්නේ අගෝස්තු 22 වෙනිදා ජාතික ජන බලවේග අන්තර්ජාලය හරහා පවත්වපු මාධ්‍ය හමුවක දී.

එන්නත්කරණය වසංගතය මැඩ පැවැත්වීමේ එකම විසඳුම නොවෙන බවත්, මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම වැනි මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් බවත් ඔහු කියලා තියෙනවා.