දෙවියන්ට භාර කිරීම මම ඉගෙන ගත්තේ දොස්තරලාගෙන්- කෙහෙලිය

රෝගීන්ව දෙවියන්ට භාර දෙන කාරණය තමන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන්ගෙන්ම බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඔූක්වැල්ල අගෝස්තු 22 වෙනිදා අරුණ පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් කියලා තියෙනවා.

ඒ සාකච්ඡාවේ කොටස් කිහිපයක් පහලින්

සෞඛ්‍ය අමාත්‍යංශය දූෂණ වංචා පිරුණ ආයතනයක් ලෙස චෝදනා එල්ල වෙනවා. ඒවා අවම කර ගනිමින් ඔබ ජනතා බලාපොරොත්තු ඉටු කරනවාද?

අනිවාර්යයෙන්ම. අපට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. පිරිසිදුව කරනවා. පසුගිය රජය සමයේ යම් යම් එන්නත්වලින් ගසා කෑවා කියා චෝදනා තියෙනවා. එවැනි පාපකර්මවලට නම් මම සම්බන්ධ වෙන්නෙ නැහැ.

හිටපු සෞඛය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇමැති ධුරයට සමු දුන්නේ බිලි පූජා කතාවක් කියමින්. ඔබතුමා බිලි පූජාවකට යන්න වෙයිද?

ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.

නැතිනම් ඔබගේ ඉරණම දෙවියන්ට භාර කරන්න වෙයිද?

දෙවියන්ට භාර කිරීම මම ඉගෙන ගත්තේ දොස්තරලාගෙන්මයි. උදාහරණයක් විදිහට පිළිකා රෝගියෙක් ගන්නකෝ. වෛද්‍යවරු කියන්නෙ අපට කරන්න පුළුවන් ප්‍රතිකාර කරලා තියෙන්නේ. දැන් බෝධි පූජාවක්වත් තියන්න. දෙවියන්ට බාර වෙන්න කියලා දොස්තරලා කියනවා.

අපේ සංස්කෘතියත් සමග ඒකාබද්ධ වූ කාරණාවක්. මුස්ලිම් ජනතාවත් දෙවියන්ට භාර දෙනවා. දෙවියන්ට භාරදීම අල්ලාගෙන දැඟලුවාට මට ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන කුහකත්වය තිබෙන කණ්ඩායමක් සමාජ මාධ්‍ය සමග එකතුව ඊට ප්‍රචාරයක් දෙනවා. කොතනක හෝ එය නතර වෙයි.

සම්පූර්ණ සාකච්ඡාව කියවන්න…