ගෝඨා විමල්ටයි වාසුටයි කෝල් කරලා බැන්නලු! මහින්ද ඒක ෂේප් කරගන්න රෑ කෑමක් දුන්නලු!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ යන කැබිනට් ඇමතිවරුන්ට දූරකථනයෙන් බැණ වැදීමක් සහ එයින් ඇති වූ සිත් තැවුල සමනය කරගන්න මහින්ද රාජපක්ෂ අගමැතිවරයා රාත්‍රී ආහාර වේලක් දුන්න බව මව්රට වෙබ් අඩවිය වාර්තා කරලා.

ඒ පුවත පහතින්,

‘රට සති 3කට වසා දමන ‌ලෙසට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා එම සිදුවීමට සම්බන්ධ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට දුරකතනයෙන් අමතා බැන වැදී ඇති බව වාර්තා වේ.

ඉකුත් අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකොට බදාදා දිනයේ හදිසියේම මෙවැනි ලිපියක් නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම අමාත්‍යවරුන් තිදෙනා විසින් කැබිනට් සාමූහික වගකීම කඩ කොට ඇති බවකි.

එමෙන්ම ආණ්ඩුවේ එක් ආරංචිමාර්ගයක් පෙන්වා දුන්නේ මෙම සිදුවීමෙන් ජනාධිපතිවරයා කෙතරම් කෝපයට පත්ව සිටියේද යත් මෙම අමාත්‍යවරුන් තිදෙනා ඉවත් කිරීමට පවා ජනාධිපතිවරයා සූදානම් වූ බවකි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු තත්ත්වය සමතයකට පත් කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව සිය නිවෙසේ මෙම අමාත්‍යවරුන් තිදෙනා සදහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

එම රාත්‍රී භෝජන සංග්‍රහයට මෙම අමාත්‍යවරුන් තිදෙනාට අමතරව බන්දුල ගුණවර්ධන මහතාද සහභාගී වී සිට ඇති බවක් දැනගන්නට තිබේ.

එහිදී අමාත්‍යවරුන් අතර ඇතිව තිබූ ගැටලු විසදාලීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.’