කාඩ්පත්වලින් ගනුදෙනු කිරීමේදී ඒවා ‘අනිසි ලෙස’ භාවිත කිරීම වැළැක්වීමට සීමාවන් පනවා ඇතැයි නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයකින් තියා තියෙනවා.
මේ මහබැංකු නිවේදනයෙන් හෙළිවෙන්නේ, විදේශ ගෙවීම් කරන්න ඇති තරම් විදේශ සංචිත මුදලක් ලංකාවේ බැංකුවලට නැති බව.
ඒ ගැන අද දෙරණ පුවත් වාර්තාවේ මෙසේ සඳහන්.
‘ඇතැම් බැංකු විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් භාවිත කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ එම බැංකුවවල පවතින විදේශ විනිමය තත්ත්වය අනුව ප්‍රමුඛතාව ලබාදෙමින් යම් යම් සීමාවන් පවනවා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවද මහ බැංකුව සඳහන් කළේය.
විද්‍යුත් මුදල් කාඩ්පත් භාවිත කරමින් නීත්‍යානුකූලව ගෙවීම් කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වුවහොත් ඊට අදාළ බැංකුව සම්බන්ධකර ගන්නා ලෙසත්, විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.’
ඒ කියන්නේ අපි කරන වියදමක් අවශ්‍යද, නැද්ද කියා තීන්දු කරන්නේ බැංකු. ඒ තීන්දුව ගැන ප්‍රශ්නයක් තියෙනවානම් අපි බැංකුව එක්ක කතා කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි, බැංකුවලින් පාරිභෝගිකයන්ගෙ නිදහස උල්ලංඝනය කරද්දී මහ බැංකුව ඒකට සපෝට් කරනවා.
වගකීම් සහගත ඕනෑ පුරවැසියෙක්ට මේ තියෙන තත්වය තේරෙන බව ඇත්ත. බැංකු සතු විදේශ සංචිත ප්‍රමාණයේ සීමා තියෙනවා. ඒක ආර්ථිකයේ මහා කඩාවැටීම පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතේට බලපාන තරම් බව හොඳින් පෙන්වන තැනක්.
මේක ආර්ථික වශයෙන් ඉතා දැඩි අසීරුකම් පවතින තත්වයක්. ඒත් මේ වගේ තීන්දු විධිමත් නීති සංශෝධන මගින්, විනිවිදභාවයක් ඇතිව සිදුවිය යුතුයි නේද? මෙහෙම ආයතනවල ඉන්න අයට හිතුමතේ පුරවැසි නිදහස සීමා කරන්න පුළුවන්ද?
ආණ්ඩුව කොච්චර කියන්න හැදුවත් ‘අමාරුකම් මැද අපි කරන්න ඕනෑ දේවල් කරනවා’ කියලා. දැනටමත් මේ අමාරුව පුරවැසියන්ගේ බෙල්ලට හිර වෙලා ඉවරයි. කොටින්ම පුරවැසියන්ට තමන්ගේ පෞද්ගලික ගිණුමකින් තමන් කැමති වියදමක් කරන්න තියෙන නිදහසට පවා සීමා වැටිලා ඉවරයි. අපි ආගාධයට යමින් ඉන්නවා නෙවෙයි. අපි ඉන්නේ අගාධයේ.
කෙසේ වෙතත් උක්ත නිවේදනයේ තියෙනවා මහ බැංකුව කිසිම සීමාවක් පැනෙව්වේ නෑලු. (ඒ කියන්නෙ සීමාව බැංකු තමන්ම පනවාගෙන වගෙයි.) ඒ හැරුණාම කාඩ් පාවිච්චි කරලා පිටරට නැවතිලා ඉන්න අයට සල්ලි යවන්න බාධාවක් නෑලු.
දෙරණ ප්‍රවෘත්තියේ මෙහෙම සඳහන්.
‘විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම කාඩ්පත්හිමියන්ට තම කාඩ්පත් භාවිත කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා මෙරටින් පිට නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ හැකි කාඩ්පත්හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් මෙරටින් පිට නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් තහනම් කිරීමත් සීමා කිරීමක් සිදුකර ඇති බවට පසුගිය දා පැතිරගිය ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කරමින් මහ බැංකුව මේ බව ප්‍රකාශ කර තිබේ.’