පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ගෙන් පමනක් නොව මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටින නිසා ඒ අරමුදලට සල්ලි දෙන්න කියලා අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා තියෙනවා.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් භාගයක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග දෙනවාද කියා මාධ්‍යවේදීන් අහපු වෙලාවේ.
ඇමතිවරයා වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා.
‘මුදල් නොමැති මහජන නියෝජිතයින්ගෙන් අපි මෙම ඉල්ලීම කරන්නේ නැහැ. නමුත් ආදායම් තිබෙන සියලුම මහජන නියෝජිතයින් මේ අවස්ථාවේ තමන්ගේ වැටුපෙන් භාගයක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය යුතුයි. එය විශේෂයෙන් වැදගත් වන බවයි මාගේ හැගීම.
එසේම අපේ රටේ ජීවත් වන සහ විදේශගත ධනය ඇති අනෙකුත් සියලු දෙනාත් තමන් උපයන ආදායමෙන් කොටසක් මේ අවස්ථාවේ පරිත්‍යාග කිරීම ඉතාමත්ම වටිනවා. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පමනක් නොවෙයි සියලු ව්‍යාපාරකයින්ටත් මෙය අදාලයි.’