මගේ ඉතුරු එකත් නාමල්ටම දෙන්න! කබ්රාල් ලියයි!

තමන්ගේ අමාත්‍යංශයට ඉතුරු වෙලා තියෙන අනෙක් ආයතනයත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටම ලබා දෙන්න කියලා දැනුම් දීමක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දීලා තියෙනවා කියලා ‘මව්රට’ පුවත්පත වාර්තා කරලා තියෙනවා.

ඒ ලිපියේ පිටපත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ටත් යොමු කරලාලු.

අවසන් වරට සිද්ධ වු විෂය පථයන් සංශෝධනයේදී රාජ්‍ය මුදල් අමාත්‍යවරයා සතුව තිබූණු ආයතන සහ විෂයයන් ගණනාවක් නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබීම මේ ලිපිය ලියන්න හේතුවක්ලු.

ඒ අනුව මේ වෙනකොට කබ්රාල් මහත්තයාට ඉතිරිවෙලා තියෙන්නේ එක් ආයතනයක්ම විතරයිලු!