ලේක්හවුස් – ඇසෝසියේටඩ් නිව්ස්පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් සමාගම 2019 අවුරුද්දේ විවිධ පාර්ශවයන්ට රුපියල් 112,726,927ක් නොමිලේ නිකුත් කරලා තියෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරපු වාර්තාවක තියෙනවා.
ආණ්ඩුවේ පත්තර කන්තෝරුව වන ලේක්හවුස් එක කොයි ආණ්ඩුව කාලේත් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් යොදවනවා වෙනුවට ආණ්ඩුවට කඩේ යන්නත්, හතුරන්ට පහරදෙන්නත් පාවිච්චි කළා. 2019 මුල් කාලෙ යහපාලන ආණ්ඩුව, අන්තිම කාලෙ වත්මන් ආණ්ඩුව.
මහා පරිමාණෙන් මහජන මුදල් නාස්ති කරමින් මේ ආයතනය ආණ්ඩුවල ලොක්කන්ගේ පෞද්ගලික දේපලක් විදියට පාවිච්චි කරනවා. මේ පත්තර මිනිසුන් කියවන්න ගන්නේ නැති තැන මහා මුදලක් යට කරලා නොමිලේ බෙදලා බලෙන් මිනිසුන්ගෙ ඇඟේ ගහනවා.
ඒ විදියට නොමිලේ නිකුත් කරපු පුවත්පත්වල පිරිවැය විකුණුම් පිරිවැය සහ අලෙවිකරණ වියදම් විදියට ලේක්හවුස් ආයතනය ගිණුම්ගත කරලා තිබුණු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව තමන්ගේ 2019 වාර්ෂික වාර්තාවේ කියලා තියෙනවා.
කොහොම හරි මේ වගේ පාඩුවක් 2019 අවුරුද්දේ දී සිද්ධ වෙලා තියෙද්දී, 2021 අවුරුද්දේ ජනවාරි මාසයේ ලේක්හවුස් එකෙන් මුද්‍රණය කරලා බෙදා හරින ‘ තිනකරන්’ පුවත්පතේ ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිපදෙනෙක් ඇතුළු 60 කට ආසන්න සංඛ්‍යාවක් යාපනයේ ගිහින්ලු.
‘තිනකරන්’ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරන පුවත්පතක්නේ. මේ පුවත්පත යාපනය නගරයේ මිනිස්සුන්ට මිලදී ගන්න කියලා ප්‍රවර්ධනය කරන්න. ඒ මිනිස්සු එක්ක පත්තරේ ගැන කරුණු කියමින් සංනිවේදනය කරන්න දෙමළ භාෂාව දන්න, කතා කරන්න පුලුවන් පිරිසක් එක්ක ගෙන යන්න ඕනෑ නේ.
ඒත් මේ ගමනට දෙමළ භාෂාව කතා කරන්න පුලුවන් 4ක් විතරයි එක්කගෙන ගිහින් තියෙන්නේ. අනෙක් අයට මේක යාපනේ ට්‍රිප් එකක්.
තිනකරන් පත්තර 5000 ක් විතර යාපනයේ බෙදලා තියෙනවා. ඒ ගිය ගමනෙන් ලක්ෂ 12ක විතර දැන්වීම් හම්බවෙලා තියෙනවාලු
හැබැයි මේ ගමනට විතරක් මිලියන 3 ක් විතර ගියා කියලයි වාර්තා වෙන්නේ.
ඉතින්, ලොක්ඩවුන් කරන්න සල්ලි නෑ කියල අඬන ආණ්ඩුවට සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ පඩි කපන්න කලින් ඔය වගේ නාස්තිකාර වියදම් කී දාහක් කපල දාන්න පුළුවන්ද?