ශ්‍රී ලංකාවේ සිදු වූ ඝාතන, අපරාධ ආදිය ගැන පර්යේෂණ පැවැත්වීමට වඩා ආණ්ඩුවට රිදෙන දේවල් කියන අයව අත්අඩංගුවට ගැනීම අංක එකේ ක්‍රියාව කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඛනිජතෙල් වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.
මහ රෑ මෙම අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබෙනවා.
ආනන්ද පාලිත මහතා මීට පෙර තෙල් හිඟයක් ගැන අදහස් දැක්වීමක් කර තිබුණා. එහිදී ඛනිජ තෙල් සංචිත ඇත්තේ සති දෙකකට පමණක් බව ප්‍රකාශ කිරීමයි, වසංගතයක් මැද්දේ ලොක්ඩවුන් වී නිවසේ නොසිට පොලීසි, අධිකරණ ගාණේ ලගින්නට ඔහු කර ඇති වරද.
ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ කටයුතු කළ නිසා, ඔහුව හිරේ දැමීමට සාධාරණීකරණය කරන්නට ඒ දේශපාලන සම්බන්ධය පාවිච්චි කරනු ඇති බවටත් සැකයක් නැහැ.
ඒ අනුව ලොක්ඩවුන් සමයක පවා ආණ්ඩුවේ අදහස් මර්දනය දිගින් දිගටම නිර්දය සහ අධම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැහැදිලියි.
සබැඳි පුවත්