ඛනිජ තෙල් හිඟයක් ඇති වෙන්නේ නැති බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල tweet සටහනක් තබමින් පවසලා තියෙනවා. ඒත් වැදගත් වෙන්නේ ඒ පණිවිඩය කියපු ක්‍රමය.
කෙසේ වෙතත් මෙම ට්වීට් සටහනේදී තෙල් හිඟයක් ගැන අනතුරු හැඟවූ වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත මහතා දෙසට ‘විශ්‍රාමික’, ‘කම්කරු’ යන වචන දෙක අපහාසාත්මකව පාවිච්චි කිරීම විශේෂත්වයක්. විශ්‍රාමිකයෙකුට හෝ කම්කරුවෙකුට පිළිතුරු දෙන්න සිදුවීම ඇමතිවරයෙක්ට මදිකමක්ද? කණගාටුවක්ද?
‘විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරු වලට පිලිතුරු දීමට සිදුවීම කනගාටුවක්.’ ඔහුට කණගාටුව ‘බොරුවලට පිළිතුරු දීම නම්, ඒ බව පමණක් සඳහන් කළ යුතු වුණා. ඒත් පේන විදියට ඔහුට කණගාටුව තියෙන්නේ ඒක කී කෙනා ‘විශ්‍රාමික’ වීමත්, ‘කම්කරු’ වීමත්.
ඇයි? විශ්‍රාමික වීම හෝ් කම්කරු වීම නිසා යම් කෙනෙකුගේ අදහස් නොපිළිගත යුතුද? එහෙනම් වත්මන් ජනාධිපතිවරයාත් විශ්‍රාම ගන්න ඕනෑ වයසේ නේද?
යම් අවස්ථාවක ඛනිජතෙල් හිඟයක් ඇති වුණොත් මුලින්ම ඒ බව ඔහු ම රටට හෙළි කරන බව සදහන් කරලා තියෙනවා.
ඒ සටහන පහළින්