හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත්දීන් ලිංගික අපයෝජනයට ලක් කරපු බව කියපු තරුණිය තවමත් කන්‍යාවක් බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා.
2016 වසරේදී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල තරුණියකට ලිංගික අපයෝජනයට ලක් කලා කියලා එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්ත ෂියාබ්දීන් ඉස්මත්දීන්ට පොලිසිය අධිකරණය හමුවේ චෝදනා ගොනු කරලා තිබුණා.

ඉන්පස්සේ ඒ තරුණියට සිදු කරපු වෛද්‍ය පරීක්ෂණයකින් පස්සේ අනාවරණය වෙලා තියෙන්නේ, ඇගේ කන්‍යා පටලයට කිසිදු ප්‍රවේශයක් සිදු වෙලා නැති බවලු. ඒ වෛද්‍ය වාර්තාව අගෝස්තු 16 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා.
කෙසේ වෙතත් කන්‍යා පටලයට හානි නොවූ බව කීමෙන් පමණක්, ඇයට කිසිම ලිංගික අපයෝ්ජනයක් සිදුව නැති බවක් තහවුුරු වෙන්නේ නැහැ. කිසියම් ආකාරයක අපයෝජනයක් සිදුව තිබෙනවා විය හැකියි. ඒ ගැන ඉදිරියේදී තහවුරු විය යුතුයි.
ඒ අනුව චෝදනා ලද සැකකරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අගෝස්තු 16 දා නියෝග කරලා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තබාගැනීමටද නියෝග කරලා තිබුණා.
කෙසේවෙතත් බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුව තවදුරටත් රිමාන්ඩ් භාරයේ රදවලා. ඒ නඩුව අගෝස්තු 23 වෙනිදා නියමිතයි.