තවත් කැබිනට් සංශෝධනයක් එනවාලු

ඉදිරි කාලයේදී තවත් කැබිනට් සංශෝධනයක් කරන්න සුදානමක් තියෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාපක්ෂ පවසලා.

ඔහු මේ ගැන කියලා තියෙන්නේ අගෝස්තු 18 වෙනිදා  නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

ප්‍රශ්නය – හුඟක් අයගේ ඇමති ධූර වෙනස් වීමත් එක්ක ආණ්ඩුවේ මොකක් හරි ලොකු වෙනසක් වෙනවද?

පිළිතුර – නැහැ ආණ්ඩුව හැම අවුරුද්දෙම වෙනස් වෙන්න ඕනේනේ. ඒකකාධිකාරී විදිහට අපිට ඉදිරියට යන්න බැහැ. මම හිතනවා ඉදිරියට තවත් අමාත්‍යාංශ කිහිපයක් වෙනස් වෙයි. වගකීම් වෙනස් වේවි. ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන්න ගත්ත තවත් පියවරක්.

ප්‍රශ්නය- ඉදිරියට තව අමාත්‍යාංශ කීයක විතර වෙනස්කම් වෙයි ද?

පිළිතුර- කැබිනට් අමාත්‍යාංශ ගණනාවක වෙනස්කම් සිදුවේවි.

ප්‍රශ්නය- ඔබතුමාගේ අමාත්‍ය ධුරයත් වෙනස් වේවි ද ?

පිළිතුර- රාජ්‍ය අමාත්‍ය ධුරවලනම් තවමත් හිතලා නැහැ. නමුත් මම හිතනවා ඉදිරියේදී ඒකත් වෙනස් විය යුතුයි. දැන් අවුරුද්දක් අපි අපේ කාර්ය භාරය කළා.

ප්‍රශ්නය- පසුපෙළ හුඟක් අය ඉන්නේ තවම අමාත්‍ය ධුර නැතුව.

පිළිතුර- මුළු පාර්ලිමේන්තුවටම ඇමතිකම් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක එහෙම කරන්න බැහැනේ.