පක්ෂ 10 ක් රට වහන්න ඉල්ලලා

අඩුම තරමේ සති තුනකට හෝ රට ලොක්ඩවුන් කරන්න කියලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ ලිපියේ කරුණු 7ක් ඇතුළත‍් කරලා.

අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ. එල්. එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය මේ ලිපියට අත්සන් කරලා.