ආණ්ඩුව ආගමික මිත්‍යා පස්සේ යද්දී, මහානාහිමිවරු විද්‍යාත්මක තීන්දුවල අගය පහදයි! බීරි අලියාට තවත් වීණා වැයීමක්!

රට ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලමින් මල්වතු, අස්ගිරි මහානාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදින ලෙසත්, සෞඛ්‍ය විශේෂඥයන්ට ඇහුම්කන් දෙන ලෙසත් මහානාහිමිවරුන් එම ලිපියේදී ඉල්ලා තිබීම විශේෂත්වයක්.

හිතුවක්කාර ලෙස කවුරු කීවත් රට වසන්නේ නැති ප්‍රතිපත්තියක ඉන්න ජනාධිපතිවරයා මෙම ලිපියෙන් පසු කුමක් කරනු ඇතිදැයි විමසා බැලිය යුතුයි.

මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් දෙවියන්ට රට බාරදීමක් ගැන වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා තිබුණා. මීට පෙර සෞඛ්‍ය ඇමතිනිය පිරිත් පැන් මුට්ටි දමා වසංගතයෙන් මුදාගැනීම ගැන කියා තිබුණා. දළඳා සමිඳුගේ පිහිටෙන් ලෝකෙන්ම කොවිඩ් තුරන් වන්නැයි පතන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණා.

දෙරණ වෙබ් අඩවියේ පළ වූ මහානාහිමිවරුන්ගේ ලිපිය