පොලීසිය උපදෙස් පතන ගෝත්‍රික අදහස් ඇති කාන්තාවගේ බොරු කතාවට ශ්‍රී ලංකා මනෝවෛද්‍ය විද්‍යාතනයේ ලියුමකින් උත්තරයක්

“සමලිංගිකත්වය මානසික ලෙඩක් නොවන බව ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසලා.

පසුගිය දිනවලදි කතාබහට ලක්වූ අමා දිසානායක මහත්මිය පුහුණු වැඩකදී සමලිංගිකත්වය ලෙඩක් බවත් ඔවුන්ගෙන් ළමයින් බේරා ගත යුතු බවටත් විද්‍යාත්මක නොවන විශ්වාස ප්‍රචාරය කරනු දක්නට ලැබුණා.

ඊට පිළිතුරක් විදියට මේ මාධ්‍ය නිවේදනය මනෝවෛද්‍ය විද්‍යා ආයතනය නිකුත් කරලා තියෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දශක කිහිපයකට පෙර නිල වශයෙන්ම සමලිංගිකත්වය රෝගයක් නොවන බවත්, සාමාන්‍ය ජීව විද්‍යාත්මක ලක්ෂණයක් බවත් ප්‍රකාශයට පත් කළා. විද්‍යාඥයන් විශාල පිරිසක් ඒ බව තහවුරු කළා. ලොව සෑම දියුණු රටක්ම මේ තත්වය පිළිගන්නවා.

එහෙත් ශ්‍රී ලංකා පොලීසිය පවා සමලිංගිකත්වය රෝගයක් බව කියන කාන්තාවක ‘උපදේශිකාවක්’ ලෙස පිළිගනිමින් ඇගේ උපදෙස් ලබාගනිමින් ඉන්නවා. ලංකාවේ මේ පසුගාමී තත්වයට ප්‍රතිචාර විදියට තමයි මේ නිවේදනය නිකුත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.

වැඩිදුරටත් කරුණු දක්වමින් එම ආයතනය සමරිසි ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය ද ඉවත් කිරිමට රජයට නිර්දේශ කරලා තියෙනවා.

එම නිවේදනයේ පරිවර්තනය පහළින්

ලිංගික චර්යා පිළිබඳව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ඇතැම් තැනැත්තන් විසින් විවිධ පුහුණු වැඩසටහන් කෙරෙන බවට අපගේ අවධානයට ලක් විය.


සමලිංගිකත්වය මිනිසාගේ කායික හෝ මානසික ලෙඩක් මත හට ගන්න දෙයක් ය යන මතය ශ්‍රී ලංකා මනෝවෛද්‍ය විද්‍යාතනය ලෙස අපි පිළිනොගන්නෙමු.
නුතන මනෝවිද්‍යාඥයෝ සමලිංගිකත්වය මානසික ලෙඩක් ලෙස නොසලකති. සමලිංගිකත්වය මානසික ලෙඩක් ය යන මිත්‍යාව. විද්‍යාත්මක සාධක මත පිහිටි අපගේ සාමාජිකයින්ගේ පරිචයට පටහැනි දෙයකි.


නවීන වෛද්‍ය විද්‍යා දැනුම හා සමාජ හර පද්ධතීන්ට අනුව Lesbian , Gay, Bisexual , Transgender, Intersex හා Queer ප්‍රජාවේ යට ගරුකළ යුතු සේම ඔවුන් කොන් කිරීමක් නොකළ යුතුය,
එසෙම, අප බලධාරින්ගෙන දැඩිව ඉල්ලා සිටිනවා සමලිංගිකත්වය වරදක් කොට දක්වන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය වෙනස් කොට එවැනි යල්පැනගිය නීති ඉවත් කර සමලිංගිකත්වය සාපරාධිහරණය කරන ලෙසට.


ශ්‍රී ලංකා මනෝවෛද්‍ය විද්‍යාතනය