රට වහන්නේ නැහැ – ජනාධිපති

දැඩි සංචරණ සීමා දාන බවත් මේ වෙලාවේ රට වසා දාන්න බලාපොරොත්තුවක් නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසලා තියෙනවා.

මේ ගැන ඔහු කියලා තියෙන්නේ අගෝස්තු 17 වෙනිදා තිබුණ කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

ආර්ථිකය කඩා වැටිලා තියෙන අවස්ථාවේ රට වසා දැම්මොත් ‍රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න නොහැකි වෙන ඔහු කියලා තියෙනවා. ඒ නිසා දෛනික වැටුපට වැඩ කරන ජනතාවට දැඩි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලාත් ඔහු කියලා.