හමුදාව ෆේල්! පාකිස්ථානයෙන් හාල් ගෙනෙද්දී! මේ දේ අමතක කරන්නෙ කොහොමද?

පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සහල් මේට්‍රික්ටොන් 6000 ක් ආනයනය කරන්න අවශ්‍ය පියවර ගන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට තමයි මේ විදියට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ.

පසුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2020 අප්‍රේල් මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහල්වලට විසඳුම් හොයන වැඩේ හමුදාවට භාර දුන්නා ඔබට මතක ඇති. ඒ දවස්වල ආණ්ඩු හිතවාදී පුවත්පත්වල ‘සහල් මාෆියාවට හමුදාවෙන් ප්‍රහාරයක්’ කියලා පිටු ගණං විශේෂාංග පළ වුණා.

ඒ පුවත්පත්වලට කතා කරලා තිබුණේ සේවා බළකායේ  බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනාරච්චි.

ඊට අමතරව ඉදි්රියේදි ලංකාවේ සහල් හිගයක් ඇති වීම වළක්වන්න වී මෝල් අත්‍යවශය සේවාවක් ලෙස නම් කරන්න ඕනෑ රැස්වීමකට සේවා බළකායේ  බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනාරච්චි ඇවිත් ලොකු හෑල්ලක් කිව්වා. හමුදාව මැදිහත් වෙලා කොහොමද සහල් හිගයක් ඇති නොවන්න කටයුතු කරන්නේ කොහොමද කියලා දේශණයක් කළා.

ඔහු එතනදි මෙහෙම කිව්වා.

යාපනයේ කොච්චර හාල් තියෙනවාද, කිලිනොච්චියේ කොච්චර හාල් තියෙනවාද, පොලොන්නරුවේ කොච්චර හාල් තියෙනවාද කියලා අපි දන්නවා. තියෙන්නේ කොහි ගබඩාවලද? තියෙන්නේ මොනවාද? කවද්ද ගත්තේ? කියටද ගත්තේ කියලා අපි දන්නවා. අපේ ඩේටා බේස් එකේ සියළු තොරතුරු තියෙනවා.

ඉතිං, මේ දේවල් දිහා බලද්දි පේන්නේ හාල් වැඩේදිත් හමුදාව ෆේල් කියලා.

මීට අමතරව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2021 අප්‍රේල් 02 වෙනිදා මාධ්‍යවලට කිව්වා ඉදිරි වසරට, ඒ කියන්නේ 2022 අවුරුද්දටත් අවශ්‍ය සහල් රජය සතුව තියෙනවා කියලා.