හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිනෝවැක් නම් චීන එන්නත් සමාගමේ එන්නත් නිපදවන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති පාලිත කොහොන හින්දුස්ථාන් ටයිම්ස් වෙත කියා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ ගම් පළාත වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ කර්මාන්තශාලාව ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු කියා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සිනෝවැක් අතර ගිවිසුම අත්සන් කිරීමට ඔන්න මෙන්න බවයි ඔහු කියා තිබුණේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 9ක් පමණ නිපදවීමට හැකි වෙනු ඇති.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් ලබාදෙන එන්නත වන්නේ සිනොෆාම්.
සයිනොවැක් එන්නතටද ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට හදිසි අවස්ථා අනුමැතිය දී තිබෙනවා.
මීට පෙර ආසියානු රටවල් කිහිපක්ම සිනෝවැක් එන්නත් පුරවැසියන්ට ලබා දුන්නා.
එහෙත්ව ඩාත් ආක්‍රමණශීලී කොවිඩ්-19 ප්‍රභේද (ඩෙල්ටා ප්‍රභේදය වැනි) සඳහා එම එන්නත ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවන නිසා සිනෝවැක් එන්නත ලබාදීම ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල් අත්හැරියා. මුල් මාත්‍රාව සිනෝවැක් ලබාදුන් පුද්ගලයන්ට පවා දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා දුන්නා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට අනුව බ්‍රසීලයේ සායනික පරීක්ෂාවලින් පසු හඳුනාගෙන ඇති ආකාරයට මේ එන්නතට වඩාත් ආක්‍රමණශීලී ප්‍රභේදවල රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් සඳහා තිබෙන්නේ සීයට 49ක පමණ කාර්යක්ෂමතාවක්.