මේ සතියේ පාර්ලිමේන්තු වහයි! 16 විතරයි! අර පනත ගේනවා! පක්ෂ නායක රැස්වීමේ තීන්දු

අගෝස්තු 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වූ පාර්ලිමේන්තු රැස්වීම්වාරය අවලංගු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබෙනවා.

පාර්මේන්තුව රැස්වෙන ආකාරය ගැන තීන්දු ගන්නේ කථානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක, සභානායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තුවේ සාමාජික පක්ෂ නායනයන්, රැස්වෙලයි. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කියන්නේ් ඒකට. එම රැස්වීම අගෝස්තු 16 වැනිදා උදෑසන කැඳවා තිබුණා.

ඒ අනුව 16 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වේවි. එදින කොවිඩ් වසංගතයට අදාලව ආණ්ඩුව ගෙන ඒමට නියමිත පනත සම්මත කර ගැනීමත්, ඊට අමතරව රෙගුලාසි කිහිපයක් සම්මත කරගැනීමකුත් සිදු වේවි.

අගෝස්තු 17-20 දින කිහිපයේ පාර්ලිමේන්තුව වසා දමනු ඇති.

ලොව බොහෝ රටවල් කොවිඩ්-19 වසංගතය ආ විගස එහි භයානකකම හා එය පාලනයට අවැසි වන විශේෂ නීතිමය අවශ්‍යතා දැක පනත් සම්මත කරගත්තා. එහෙත් මේ ආණ්ඩුව වසංගතය පැමිණ අවුරුද්දකටත් පසු, එය පාලනයට පනතක් සම්මත කරගැනීම කටයුතු කරනවා.