ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් සංශෝධණය සිද්ධවෙලා. අමාත්‍යධුර මෙහෙමයි.
ජීඑල් පීරිස් – විදේශ කටයුතු
මේක කලින් ඉඳලාම තිබුණු සැලසුමක්. මේ සංශෝධනයේ ප්‍රධානම අරමුණක් තමයි ලංකාව දිගින් දිගටම ලෝකෙන් ලැජ්ජාවීම නවත්වන්න පොඩි රාජ්‍යතාන්ත්‍රික සැලසුමක් හදන එක. දිනේෂ් ගුණවර්ධන මහතාගේ ‘බොරළුගොඩ සිංහයා’ ආකෘතියත්, දිවයින පත්තරේ ලිපි වගේ වෙච්ච ඔයාලා කොහොමද අපේ රටට ඇඟිලි ගහන්නේ ජාතියේ ජාත්‍යන්තර නිවේදනත් ඒ අමාත්‍යාංශය කෑවා.
දිනේෂ් ගුණවර්ධන – අධ්‍යාපන
ජී.එල්. පීරිස් අමාත්‍යවරයා අධ්‍යාපනය වෙනුවෙන් කළේ පාසල් අරින සහ වහන දවස් කීම විතරයි. දිනේෂ් ගුණවර්ධන මහතා මේ තත්වයේ වෙනසක් කරයිද කියන එක නම් සැකයක්. ඒත් අතනින් අයින්වෙද්දී අලුත් එකක් දෙන්නත් එපායැ.
පවිත්‍රා වන්නිආරච්චි – ප්‍රවාහන
මේ මොකක්හරි එකක් දෙන්න එපායැ ජාතියේ දෙවැනි එක. බස් දුවන්න කියලා පිරිත් මුට්ටි අතාරින්න පුළුවන්. දැන් ඉතින් බස් දුවන්නෙත් නැති එකේ එන්නයි තියෙන්නේ. ඒත් ඉතින් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන අයට, දවසේ පැය ගණන් අපේ පොදු ප්‍රවාහනය කියන යමහලේ දුක්විඳින අයට, ඒකෙ දියුණුවක් පතන අයට සොරි ඩොට් කොම්. (කලින් ඉඳලම සොරි ඩොට් කොම් තමා.)
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
මේක තමයි කැබිනට් සංශෝධනයේ සප්‍රයිස් තීන්දුව. ස’ මොන සුදුසුකම බලලද දෙයිහාංදුරුවනේ වසංගතයක් අස්සේ මේක දුන්නේ? වසංගතය දෙයියන්ට බාර දෙන කතාවක් කියලා රටේම මිනිසුන්ගේ බලාපොරොත්තු කැඩූ මැතිතුමාට සෞඛ්‍ය බාරදීම නං මාරයි. මෙතුමා එක්ක එයාලාට නටන්න බෑ සුදුස්සන්ට සුදුසු තැන දෙනවා’ නම් වූ අනාවැකිය කී උදවියට කණේ පාරක්.
ජාත්‍යන්තර කීර්තිය ලත් වෛරසවේද විශේෂඥයෙක් ඉන්න ආණ්ඩු පක්ෂයක් මේ. අවුරුදු විස්සට වැඩි අත්දැකීම් සහිත ප්‍රජා වෛද්‍යවරියක් සහ හිටපු සෞඛ්‍ය පරිපාලන නිලධාරිනියක් ඉන්න ආණ්ඩු පක්ෂයක් මේ. මෙයාලාට තිබුණ හොඳම ඔප්ෂන් එක කෙහෙළිය මැතිතුමාද? කෙහෙළියයි සෞඛ්‍යයි අතර අපි දන්න එකම සම්බන්ධය පිටරට හොටෙල් එකකදී කකුල කඩාගත්ත එක තමා.
ගාමිණී ලොකුගේ – විදුලිබල
ඕන **ක් ප්‍රීති වෙසක්. ගාමිණී ලොකුගේ මහතාට මේක දීම ගැන කියන්න ලොකු දේකුත් නෑ.
ඒත්, ඩලස් මහත්තයා පවුලට වාත වෙන තීන්දු ටිකකුත් විදුලිබල අමාත්‍යාංශයෙ ගත්ත. ඇමෙරිකාවෙන් ප්‍රොජෙක්ට් එකක් ආවම කටපියං ඒක ගන්නැතුං. තව පාර්ශ්ව ඉන්නවනං යෝජනා ඉදිරිපත් කරන්න කියල ටෙන්ඩර් කැඳවන්න හැදුව. ඕවත් එක්ක ලොකු ලොකු ප්‍රොජෙක්ට් තියෙන ආයතනයක් කොමිස් ගන්නෙ නැති, විනිවිදභාවය හොයන කෙනෙකුට දෙන්න අමාරුයි. කියන දේ අහං ඉන්න කෙනෙකුට දෙන එක ලේසියි.
ඩලස් අලහපෙරුම – ජනමාධ්‍ය
හිටපු මාධ්‍යවේදියා, පත්තර මිතුරා. මේක බාරගන්නත් අකැමැත්තෙන් හිටපු බව තමයි ආරංචි වුණේ. දැන් පත්තර මිතුරා තමන්ගේ මිතුරන්ව සීඅයිඩීයෙන් උස්සද්දී මොනවා කියයිද? පත්තර කතෘලාගේ ගෙවල්වලට සීඅයිඩී කියාගෙන සිවිල් සෙට් බහිද්දී මොනවා කියයිද? සෝෂල් මීඩියා මර්දන පනත් ගෙන එයිද? බලන්න වටිනවා.
නාමල් රාජපක්ෂ – තරුණ, ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ
හහ්! දැන් ඉතින් නාමල්ට පුළුවන් මේ ඇමතිකම පාවිච්චි කරලා ඕනෑ අමාත්‍යාංශයක ‘සංවර්ධන’ වැඩ ගැන සාකච්ඡාවලට බැහැලා ලොකු පුටුවෙ ඉඳගන්න. ඕනෑ අමාත්‍යාංශයකට සංවර්ධන ප්‍රොජෙක්ට් එකක ‘සම්බන්ධීකරණයට’ කියල ගිහින් ඒ හැම එකේම ගෞරවේ ගන්න. පොඩි මැතිතුමාගෙ ආසාවනෙ.
