මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සීඑන්බීසී නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙලා තිබුණා. එහිදී ඔහු ශ්‍රී ලංකාවට ඉදිරි කාලසීමාවේ විදේශ මුදල් ලැබෙන ආකාරය ගැන කෙටි පැහැදිලි කිරීමක් කර තිබුණේ මේ විදියට.
“ලංකාවේ ආසන්නම දත්ත වාර්තාවලට අනුව අපේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීමට සහ අපට තිබෙන ගෙවීම් සඳහා මෙරට ආනයනයට සීමා පැනවීමේ තීන්දු තීරණ පවා ගත්තා. සංචාරකයින් මෙරටට නොපැමිණීමත් සමග අපි යම් අභියෝගවලට සහ අපහසුතාවලට මුහුණ දුන්නා. නමුත් එයත් සමග අපි ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් හරහා අපිට පුළුවන් වුණා ඒ ගෙවීම් සිදුකරන්න. එමගින් ණය ගෙවීමට හැකි රටක් ලෙස අපි ලෝකයට පෙන්වා දී තිබෙනවා.”
“දැනටමත් අපි බංගලාදේශය සහ ඉන්දියාව සමග SWAP පහසුකම යටතේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය වන ඇ.ඩො. මිලියන 800 ලබාගන්න සුදානම්. ඒ වගේම ලංකාවේ අවම වශයෙන් මූල්‍ය උත්පාදනය කරන වත්කම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අපිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් සොයා ගත හැකියි. මේවා ණය නොවන ආදායම් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ වගේම අපි අපනයනය වර්ධනය කරන්නත් දැඩි උනන්දුවක් දක්වනවා. අපනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන ගමන් මැණික් සහ ප්‍රේෂණ මුදල් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.”