මන්ත්‍රීවරියන්ට වාචික හිංසන – මන්ත්‍රීවරියක් හෙළි කරයි

පාර්ලිමේන්තුව ඇතුළේදී මන්ත්‍රීවරියන්ව හාස්‍යට ලක් කිරීම, වාචිකව යම් යම් හිංසනයන්ට ලක් කිරිම දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසලා තියෙනවා.

ඇය මේ බව කියලා තියෙන්නේ අගෝස්තු 08 වෙනිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින්.

ඒ සාකච්ඡාවේදී ඇය මෙසේ කියා තිබුණා..

ඔබ පාර්ලිමේන්තුවේදී ලිංගිත හිංසනය ගැන කතා කළා. පාර්ලිමේන්තුව දැන් එතනට වැටිලාද?

උදය ගම්මන්පිල ඇමතිවරයාට විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ මාධ්‍යයෙන් පවා වාර්තා කළා තලතා අතුකෝා මන්ත්‍රීතුමිය ඉලක්ක කර ගනිමින් නොමනා විදියේ වචන හුවමාරුවක් එක තැනකින් ආරම්භ වෙලා හැමෝගේම කටිනන් කියවෙන්න පටන් ගත්තා. එහෙම වුණාම කාන්තාවක් විදියට එතුමිය අපහසුතාවයට පතත් වන ප්‍රමාණය කොච්චරද කියන එක මම දැක්කා. එදා විතරක් නෙවෙයි. දැන් අවුරුද්දක විතර කාලයක ඉඳලා මම දකිනවා දිගටම මෙහෙම දේවල් වෙනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඔය ප්‍රශ්නය එන්නේ?

ආණ්ඩු පක්ෂයට විතරක් නෙවෙයි. දෙපාර්ශ්වයටම මම ඇඟිල්ල දිගු කරනවා. සමහර වෙලාවට මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු එහෙම නැත්නම් දික්කසාද වෙච්ච බිරින්දෑවරුන්, පෙම්වතියන් ඇදලා අරගෙගන විවිධ කතා කියනවා.. මේ පාර්ලිමේන්තුව තියෙන්නෙ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තීන්දු තීරණ ගන්න මිසක මෙවැනි පුහු දේවල් කරන්න නෙවෙයි. නමුත් අද මිනිස්සු මේ මහජන නියෝජිතයන් බොහොම හෑල්ලු කරලා කතා කරනවා. එහෙම වෙලා තියෙන්නේ අර නොහොබිනාකම නිසයි.

පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරියන්ගේ ආරක්ෂාවත් තර්ජනයට ලක් වෙලා?

නෑ. ඇත්ත වශයෙන්ම ශාරීරික හිංසනයක් අප කාටවත් වෙන්නේ නෑ. නමුත් අර හාස්‍යයට ලක් කකිරීම, වාචිකකව යම් යම් හිංසනයන්ට ලක් කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා.

මන්තත්‍රීවරියන්ගේ සංසදයක් තියෙනවා නේද?

ඔව්. අපි සංසදය හැටියටතත් මේ ගැන කතා කළා. නමුත් අනිත් අය මේ ගැන කතා කරන්න එළියට බහින්න මැලිකමක් දැක්වූවා. නමුත් මම ඒ සියලු දෙනා වෙනුවෙන් මේ ගැන කතා කරන්න ඕනෑ කියලා තීරණය කළා. මන්ත්‍රීවරියන් ගැන විතතරක් නෙවෙයි මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ගේ, දික්කකසාද බිරින්දෑවරුන්ගේ පෙම්වතියන්ගේ ගරුත්වය වෙනුවෙන් කතා කළ යුතුයි කියලා මා හිතුවා. මේක කොතැනින් හරි නවත්වන්න ඕනෑ.

රට හදන තැනත් ඔහොම නම් රටේ පොදු තත්වය ගැන කතා කරලා වැඩක් නෑ…

ඒක එහෙම තමයි. රටේ සිද්ධවෙන කාන්තා හිංසන, ළමා අපචාර ගැන අපි කතා කරනවා. නමුත් ආදර්ශයෙන් අපි පෙන්වන්න ඕනෑ කාන්තාවන්ට දරුවන්ට අපි ගරු කරන බව. ඒක ආදර්ශයෙන් පෙන්වන්නේ නැතිව වචනවලින් කියලා වැඩක් නෑ. මට පුංචි කළකිරීමක් තියෙනවා. එතැනදී කතානායකතුමා හැසිරුණ විදිය ගැන.