යුධ හමුදාවට බැලස්ටික් හෙල්මට් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය මේ වෙනකම් ඒ හෙල්මට් යුධ හමුදාවට සැපයූ දේශිය නිෂ්පාදන ආයතනයට ලබා දෙන්නේ නැතිව චීනයෙන් ආනායනය කර සැපයුම් කරන ආයතනයකට ලබා දිලා.
මේ බව අනාවරණය වෙලා තියෙන්නේ ඒ දේශිය නිෂ්පාදන සමාගම වෙන හර්ෂ ඉන්ටනැෂනල් ආයතනය ජනාධිපතිවරයාව මේ බව දැනුවත් කරමින් අගෝස්තු 02 වෙනිදා යවපු ලිපියක් මගින්. මිට අමතරව ඒ ලිපියේ පිටපත් මුදල් ඇමතිවරාට, ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ යුධ හමුදාපතිවරයාටත් යොමු කරලා තියෙනවා.
ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත