ලංකාව ලෝකට ගෙනියන වැඩේත් ප්‍රයිවෙට් කම්පැණිවලට!

තෝරාගත් පෞද්ගලික සමාගම් කිහිපයකින් යම් යම් ක්ෂේත්‍රවල නිපුණතා තියෙන 20ක් තෝරගෙන අවුරුදු 2ක් විදේශ සේවයට යොදවන්න ජනාධිපතිවරයා කැබිනට් පේපර් එකක් දැම්මලු. ඒකට අනුමැතිය ලැබුණලු.

මාස් හෝල්ඩින්ග්ස්, හේලීස්, සිද්ධාලේප, බ්‍රැන්ඩික්ස් සහ ජෝන් කීල්ස් වගේ කම්පැණිවල කට්ටිය තමයි ඉස්සරහට ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රිකයන් විදියට විදේශ සේවයට යවන්න ලෑස්තිවෙලා ඉන්නේ.

අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ගත්ත අමුතු තීන්දුව ගැන වාර්තා කරලා තිබුණේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව.

පෞද්ගලික අංශයෙන් විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම.

මීට කලින් දිලිත් ජයවීර වගේ අය රාජ්‍ය සේවා කොමිසමට දැම්මා. තව පෞද්ගලික අංශයේ චරිතවලට ආයතන ප්‍රධානීන් වෙන්න අවස්ථා දුන්න අවස්ථා තියෙනවා.

ඒත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පෞද්ගලීකරණය කිරීම පුදුමාකාර පියවරක්.

හේතුව විදියට කියන්නේ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යෑමට හොඳ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නොමැති වීම.

(ඇත්තටම නිකං කුතුහලයෙන් හොයල බලන්න වටින කාරණයක් ඒක. ඇත්තටම රාජ්‍යතාන්ත්‍රිකයන් නැද්ද අප්පා ලංකාවට?

විශ්වාස කරන්න. ඕනෑ තරම් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉන්නවා. ඒත්, ඒ අය පදේට නටන්නැති එක අවුලක් වෙන්න ඇති.

අනෙක් පැත්තෙන් එහෙම නිලධාරීන් නැති බව කියනවා නම්, පහුගිය අවුරුදු විස්සක කාලසීමාවෙන් වැඩි බහුතරයක් රට පාලනය කළේ කවුද? රාජ්‍යතාන්ත්‍රිකක නිලධාරීන් බිහිකිරීමට අසමත් වුණේ කාගේ වරදින්ද?

නිකම් කුතුහලේට එහෙම අහලා බලන්න වටිනවා.)

විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ එහි ප්‍රකාශක සන්ඩේ ටයිම්ස් වෙත මෙහෙම කියලා තිබුණා.

“පෞද්ගලික අංශයේ ප්‍රවීණතාවයෙන් යම් නිශ්චිත ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා නියෝජිතයින් පුළුල් කිරීමේ වැඩපිළිවෙළට ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදේශ අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කිරීමේ ආයතනයයි. තෝරාගත් මෙහෙයුම් සඳහා වසර දෙකක කාලයක් සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ පළපුරුද්ද ඇති පුද්ගලයින් 20 දෙනෙකු තෝරා ගැනීමට තීරණය කර ඇත. දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර වෙළෙඳාම වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්ගේ දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණයි’

මේ සම්පූර්ණ විස්තරය සන්ඩේ ටයිම්ස් පත්තරයෙන් කියවන්න.

http://www.sundaytimes.lk/210808/columns/private-public-partnership-at-the-foreign-ministry-451863.html