ඒ තිරිසන් ඉතිහාසය යළි එයිද? ජනක-සිසිත වැළලුණු කතාව

‘‘කඳුළු ගෑස් .. ජල ප්‍රහාර..
බැටන් පොලු පහරට.. වෙඩි උණ්ඩයට..
බිය වූවානම්,
මේ සටන් නැවතී
නිදහස් අධ්‍යාපනය
මියැදී හුඟක් කල්….‘‘

සිසිත ප්‍රියංකර කියන ශිෂ්‍යයාගේ ගෙදර බිත්තියේ මේ කවිය ලියා තිබුණාලු. ඒත් දුක්බර යථාර්තය තමයි, ඔහු ඒ කවියේ සඳහන් වූ කිසිම දෙයකින් නෙවෙයි ජීවිතයෙන් සමුගත්තේ. පොලු පහර, වෙඩි උණ්ඩය වගේ දේවල්වලටත් වඩා දරුණු තිරිසන් විදියකට තමයි ඔහු ජීවිතයෙන් සමුගත්තේ.

ඒ මතකය අවදි වෙනවා.

2021 අගෝස්තු 05 වැනිදා ආයෙමත් දරුණු දේවල් ගණනාවක් සිද්ධවුණා. ගුරුවරුන් අත්අඩංගුවට අරන් පොලීසියේ රඳවගත්තා. ටී ෂර්ට් ගහගත්ත අය ගිහින් බස්වලට පැනලා ආචාර්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ අයිඩෙන්ටි පෙන්වන්න කියලා බලපෑම් කරන්න අරන්. මහ දවාලේ සුදුවෑන්වලින් සිසුන් අත්අඩංගුවට ගැනීම් ගැන කතා වෙනවා.

දැන් අපට දැනෙන්නේ මාර බයක්. මොකද, මේක මේ විදියට ගියොත් ඊළඟට එන දේ ගැන අපට ඉතා භයානක ඉවක් තියෙන නිසා.

ඉතිහාසය කියන්නේ අනාගතයට පාඩමක්නෙ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත්ත අපට අනාගතයේ වෙන්න යන දේ ගැන දැනෙන්නේ බොහොම බයක්.

ඉතිහාසය රිපීට් වීමක් අපට දැනෙනවා. භයානකම දේ තමයි.. මේ රිපීට් වෙන්නේ හරියට අවුරුදු නවයකට පස්සේ. අගෝස්තු සැප්තැම්බර් කාලෙ තමයි අපේ මතකය අවුස්සන්න සමත් වූ පරණ සටනත් උච්චස්ථානයට පත් වුණේ.

අන්තිමේ අපි මේ කියන්න යන ඛේදවාචකය සිද්ධ වුණේ.

ඒ සිදුවීම සිදු වුණේ මහනුවර ඉඳන් කොළඹට පාගමනක් සංවිධානය කරපු අතරේ. මේ වෙලාවේත් ගුරුවරුන්ගේ පාගමනක් තියෙනවා මහනුවර ඉඳන් කොළඹට. ඉතින්, අතීතය සිහිවීම පුදුමයක් නෙවෙයි.

බය ඇති වෙන්න හේතුව එයාලාගේ මර්දන උපක්‍රම ගැන දැනගෙන ඉඳීම පමණක් නෙවෙයි!

අපේ රටේ මිනිසුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ෆයිට් කරන අරගලකරුවන් බය වෙන්නේ නැති බව හොඳටම දන්න නිසා.

එක ලෙවල් එකකින් මර්දනය ක්‍රියාත්මක කරන්න ගිහින් ෆේල් වුණොත් ඊළඟ ලෙවල් එකට මර්දනය යයි කියන සැකය නිසා.

අන්තිම ෆේල් වෙච්ච, මහජන සහයෝගය අහිමිවෙච්ච.. මළ ජෝක් එකක් වෙච්ච පාලකයෙක්ට කවුරුත් බය වෙන්නෙ නෑ. ඒත්, මේ පාලකයා ආරක්ෂාව භාරව හිටපු කලින් කාලෙ වෙච්ච දේවලුත් මතක නිසා. අපේ බය වැඩියි.

සොරි, මේක අපහාස කිරීමක්, අභූත චෝදනා කිරීමක් නෙවෙයි.

අපි අපේ හිතෙට දැනෙන බය ගැන අදහස් ප්‍රකාශ කීරීමේ අයිතිය පාවිච්චි කරලා කියනවා විතරයි.

මීට අවුරුදු නවයකට කලින් සිද්ධවෙච්ච ඉතා භයානක සිදුවීමක්.

ජනක සිසිත පරීක්ෂණ

යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් තිස්සේ ජනක සිසිත ඝාතන ගැන ප්‍රශ්න කරලා කරලා, චැලේන්ජ් කළාට පස්සේ.. 2016 පෙබරවාරි 16 වැනිදා මේ සිදුවීම ගැන පරීක්ෂණ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

ඒ ගැන ප්‍රවෘත්තියක් මේ.. https://am.lk/local-news/item/19336-university-students

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පටන් ගත්තා. භයානක දේවල් තවත් හෙළිදරව් වුණේ ඒ පර්යේෂණයේදී.

2017 දී මේ පර්යේෂණවල උදෘත යැව්වා නීතිපති දෙපාර්තමේන්තුවට. ඒත්.. ඒ සිදුවීම ඉතිහාසයේ යට ගියේ උදෘත යැවීමෙන් පස්සේ.

//2017 පෙබරවාරි දිනමින –

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු 2012 වසරේ ඉඹුල්ගොඩදී මියයෑම සම්බන්ධ පරීක්ෂණවල උදෘත නීතිපතිවරයාට යැවීමට කටයුතු කරමින් සිටින බව රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය.
 
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර හමුවේ අද නඩුව කැදැවිණි.

මුලින් පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ පරස්පර වීම ගැන සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා ප්‍රශ්න කළාය. //

සිදුවීමේ මුල

2012 සැප්තැම්බර් 27 වැනිදා පාන්දර කොළඹ-නුවර පාරේ බැලුම්මහර හන්දිය පැත්තේ තමයි අනතුර සිද්ධ වුණේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ වැටුප් වැඩි කරන්න වගේම අධ්‍යාපනයට අයවැයෙන් සීයට හයක් වෙන් කරන්න කියල ඉල්ලීම කරමින් අරගල කරපු කාලෙක, නොකඩවා වර්ජන කරපු කාලෙක සිදුවීම සිද්ධ වුණේ.

ඒ කියන්නේ අද ගුරු අරගලය සහ කොතලාවල අරගලය වගේම අරගලයක් එදා තිබුණේ. එදත් පාලකයෝ කිව්වේ අධ්‍යාපනයට වෙන් කරන්න බෑ. ඔය කියන දේ කරන්න සල්ලි නෑ ආදී දේවල්. ඒ වගේම අරගලයේ ඉල්ලීම් යටගහලා, ඒ ඉල්ලීම් ඉටු නොකරන නිසයි මේ අරගලය ඇදෙන්නේ කියන ඇත්ත කතාව යටගහලා, ඒ වෙනුවට අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව මතවාද හදන්නයි ආණ්ඩුව මුලින් ට්‍රයි කළේ.

ජනකගේ තාත්තා වන නීල් බණ්ඩාර ඒකනායක මරණයට පසුබිම් වූ කාලය මීට කලින් ජේඩීඑස් ආයතනයට සිහිපත් කරලා තිබුණේ මෙහෙම, ‘‘මම රජයේ සේවකයෙක්. ඒත් සල්ලි බාගේ තියෙන අය නෙවෙයි. මගේ පුතා ඉගෙන ගන්න ඉතාම දක්ෂයි. ඒ වාගේම එයා සමාජ සේවා වැඩවලට සම්බන්ධ වුණේ හරිම කැමැත්තෙන්. පුතා විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ වෙලා වැඩකරන බව අපි දැනගෙන හිටියා. පුතා මරා දාන්න ටික කාලෙකට ඉස්සර ආණ්ඩුවේ රූපවාහිනි ප්‍රවෘත්තිවල පුතාලාගේ පින්තූර දාලා හැම වෙලෙම කියන්න ගත්තා මේ අය රජයේ අධ්‍යාපන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන අය බව. ශිෂ්‍යයෝ පෙළපාලි යන,උද්ඝෝෂණය කරණ  හැම වෙලාවකම ප්‍රවෘත්තිවලින් හඟවන්න උත්සාහ කළේ මේ අය අපරාධකරයෝ, කඩාකප්පල්කාරයෝ  කියලා තමයි”.

//ජේඩීඑස් ලිපිය –

http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/466-2015-09-01-12-57-38 //

සිසිත ප්‍රියංකරගේ නැන්දා ධම්මිකා ප්‍රියදර්ශනී ජේඩීඑස් එකට සිසිත ගැන කියා තිබුණේ මෙහෙම, ‘සිසිත මගේ සහෝදරයගේ පුතා. නමුත් පුංචි කාලේ ඉදලම සිසිතව හදාවඩා ගත්තේ මමයි මගේ අම්මයි. මම සිසිතගේ නැන්දා වුණාට අපි දෙන්නා අතරේ තිබුණේ පුදුමාකාර බැඳීමක්. සිසිත හැම වෙලාවේම කිවුවේ මම එයාගේ අම්මා කියලයි. මට දැනුණෙත් සිසිත මගේ දරුවා කියලාමයි. සිසිත ඉගෙන ගන්න ඉතාම දක්ෂයි. එයා විශ්ව විද්‍යාලයට යනකම්ම පාඩම් කෙරුවේ කුප්පි ලාම්පු එළියෙන්. අවුරුදු 21කට පස්සේ මෝදර දි ලාසාල් ඉස්කොලෙන් විශ්ව විද්‍යාලයට තේරුණ එකම ළමයා තමයි සිසිත.’

එස්බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා ඒ කාලෙ කිව්වා මේ වැඩවර්ජන, පෙළපාලි හොඳින් හරි නරකින් හරි නවත්වන්න ඕනෑ බව. මේවාට කොටි ඩයස්පෝරාවයි, ජේවීපීයයි, පෙරෙට්ටොයි සම්බන්ධ බව ආණ්ඩු හිතවාදී ප්‍රවෘත්තිවලින් කීවා. ඒත් ඒක ෆේල් වෙද්දී, අරගල කරන මිනිස්සුන්ට පොදුජන සපෝට් එක ලැබෙද්දී පොඩි පොඩි තර්ජන එන්න පටන්ගත්තා.

ඒකත් ෆේල් වුණා. අරගලය ඉදිරියට ගියා. මහනුවර ඉඳන් කොළඹට ආචාර්යවරුන්ගේ පාගමනක් සංවිධානය වුණා. සැප්තැම්බර් 24 පාගමන පටන් ගත්තා. 26 වැනිදා යක්කලට ආවා. 27 වැනිදා තමයි ගම්පහ පැත්තෙන් යන්න තිබුණේ.

අපේ කතානායකයන් දෙදෙනා වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනක බණ්ඩාර ඒකනායකයි, රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකරයි දෙල්කඳට යමින් හිටියේ. පාන්දර තුනට විතර පිටත් වෙලා. ප්‍රින්ට් කරපු අත්පත්‍රිකා තොගයක් ගන්න.

WPPA 9507 අංකය තියෙන බයික් එකෙන් ඔවුන් ගියේ. අද්භූත ඇක්සිඩන්ට් එකකින් මේ දෙන්නා මැරුණේ ඒ වෙලාවේ නෙවෙයි. පාන්දර තුනට පිටත් වුණාට මේ ඇක්සිඩන්ට් එක මිනිස්සු දකින්නේ පැය එකහමාරකට විතර පස්සේ.

පාන්දර හතරහමාරට විතර පොලීසිය ඇවිත්, මිනී වහන්න ගෝනි කිහිපයක් එතැනට එකතු වුණ මිනිස්සුන්ගෙන් ඉල්ලලා තිබුණා. තුනට පිටත්වෙච්ච තරුණන්. වැඩිම වුණොත් පැය භාගෙන් යන්න පුළුවන් ගමනක් මේ.

ඒ අස්සේ තමයි ගම්පහ නැවතිලා හිටපු, තවත් සිසු ක්‍රියාකාරීන් ටිකක් ජනකයි සිසිතයි නැත්තේ මොකද කියල බලලා තිබුණේ. ඔවුන් දැක්කේ අඳුනගන්නත් අමාරු තරම් තැලිලා පොඩිවෙච්ච යාළුවන්ගේ මුහුණු.

ලයිට් කණුවේ හැප්පිලා වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් ඒ තරම් තුවාල සිද්ධ වුණා කිව්වට, ලයිට් කණුවටත් බයික් එකටත් ඒ කියන තරම් හානියක් වෙලා තිබුණේ නෑ.

ඒ විතරක් නෙවෙයි. ඇක්සිඩන්ට් එක වෙලා තිබුණේ ගම්පහ ඉඳන් කොළඹ පැත්තට එද්දී පාරේ දකුණු පැත්තේ ලයිට් කණුවක. වාහනයේත් දකුණු පැත්තයි වැදිලා තිබුණේ.

මේ ළමයි මැරෙන්නම හිතං රෝං සයිඩ් ආවා වගේ. සාමාන්‍යයෙන් මේ වගේ ඇක්සිඩන්ට් වෙනවා ලොකු, ලිස්සනසුළු වංගුවකදී. වාහනේ කැපෙන්නේ නැතිව රෝං සයිඩ් එකේ තියෙන යමක වදිනවා. ඒත් මෙතැන එහෙම තැනක් නෙවෙයි.

එහෙම නැත්නම් පිටිපස්සෙන් වේගෙන් ආපු වාහනයක වැදුණොත්. ලිස්සලා ගිහින් රෝං සයිඩ් වදිනවා. ඒත් එහෙම වැදුණ බවටත් කිසිම සලකුණක් තිබුණේ නෑ. අපරාධය ගැන ලොකුම සැකය එදාම ඇති වුණේ ඒ නිසයි.

බයික් එක වැටුණ තැනයි, ලයිට්කණුවයි අතර දුර මීටර් හතරක්. ලයිට් කණුවේ හානි වෙලා තිබුණේ පොළොවට අඩි හතරක් විතර. පහළ මට්ටමෙන්. ඒත්, බයික් එකේ පෙට්‍රල් ටැංකිය විතර උසින් තමයි තැලිලා තිබුණේ.

අනෙක, ළමයින්ගේ ඔළු තැලිලා තිබුණ විදියට ඒ උසින් ලයිට් කණුවේ සලකුණු තියෙන්න එපායැ. ඊටත් වඩා බයික් එක පෙරළිලා ගිහින් ලයිට් කණුවේ පහළ මට්ටමක වැදුණා නම් ඒ ගැන සලකුණු පාරේ තියෙන්න ඕනෑ.

මේ ඔක්කොම සැක සහිත තැන් තියෙද්දී! පොලීසියෙන් පරීක්ෂණ ගියේ නෑ.

පොලීසිය මහේස්ත්‍රාත් ඇවිත් මේ ස්ථානය චෙක් කරන්න කලින් ළමයින්ගෙ මිනී අයින් කළා. ඇහුවම කිව්වා ළමයින් හොස්පිට්ල් ගෙනිච්ච බව. පාන්දර හතරහමාරට මිනී වහන්න අහල පහලින් ගෝනි කෑලි ඉල්ලපු පොලීසියම තමයි. අනෙක මළසිරුරු අයික් කරලා තිබුණේ ඇම්බියුලන්ස් එකකින් නෙවෙයි, මළමිනී ගෙනියන වාහනයකින්.

කොටින්ම කිව්වොත් ඒ කාලේ ගම්පහ මහේස්ත්‍රාත්වරිය පසුව මේ සිදුවීම වූ හැටි ගැන නැවත ප්‍රතිරූපණයක් කරන්න කියල කිව්වාට ඒක හරියට සිද්ධවුණේ නෑ.

මේ සිදුවීම ගැන ලියපු එදා ලංකාදීප පත්තරේ මාධ්‍යවේදියෙක් විදියට මේ සිදුවීම වාර්තා කරපු තරිඳු ජයවර්ධන ඒ කාලෙ තමන්ගෙ බ්ලොග් එකේ ලියලා තිබුණා මෙහෙම,

//රිය අනතුරකින් මිය ගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරු පැදිය හැප්පුනැයි කියන විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරු පැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටළු සහගත බවක් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමුවී නැතැයි අගතියට පත් වර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රජිකා සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූ අතර එම ඉල්ලීම පිළිගත් හිටපු මහේස්ත්‍රාත්වරිය අනතුර සිදුවූ බව කියන ආකාර ප්‍රතිනිරූපනය (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණ වාර්තා කැදවන ලෙස නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව ඔක්තෝබර අට වැනිදා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂක පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට නොගෙනේම ගැන හා මහේස්ත්‍රාත් නියෝගය අනුව රීකන්ස්ට්‍රක්ෂන් එකකට නොයෑම ගැන   නීතීඥවරුන් විරෝධය පළ කළ අතර රස පරීක්ෂක පැවසුවේ තමා වැරැල්ලවත්ත පොලිස් මුර පොලේදී යතුරු පැදිය පරීක්ෂා කළ බවයි.

ඒ ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර අනතුර ගැන සැකයක් පැණ නැගී ඇති අවස්ථාව එලෙස කටයුතු කිරීම මගින් සැකයට තවත් වැඩි වන බව ඇය පැවසුවාය.
‘මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට යන්නයිනේ කිව්වේ. ඇයි බයිසිකලය එතනට නොගෙනාවේ?‘ යනුවෙන් හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පොලිසියෙන් විමසූ අතර එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒම අවශ්‍ය නොවන බව රසපරීක්ෂක පැවසූ බවයි.//

මේ ඇක්සිඩන්ට් එකට කලින් දවසේ ඩිෆෙන්ඩර් වගයක් ජනකලා හිටපු නවාතැන වටේ කැරකුණ බව පැහැදිලිව සාක්ෂි තිබුණත් ඒවා ගැන හෙව්වේ නෑ.

තරිඳුගේ බ්ලොග් එකේ මෙහෙම තිබුණා.

//අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැදවුම්කරු චින්තක රාජපක්ෂ (25) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුරට පත් යතුරුපැදියෙන් ඊට පැය ගණනට පෙර යක්කල හන්දියට ගිය තමාව යතුරු පැදිකරුවකු විස්න් ලුහු බැඳ ආ බවයි.//

මේ දෙන්නා ඇක්සිඩන්ට් වුණාට, මේ දෙන්නාගේ ෆෝනුත් අතුරුදන් වෙලා තිබුණා ඒවා හෙව්වේ නෑ. පහත උපුටාගැනීමත් තරිඳුගේ බ්ලොග් එකෙන්.

//මිය ගිය ජානක ඒකනායක සිසුවා භාවිත කළ බව කියන මෙතෙක් හමු නොවූ දුරකතනයේ අංක සම්බන්ධයෙන් වාර්තා කැදවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

දුරකතන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි.  ඊට පසු නඩු දිනයේ අන්තරේ කිහිප දෙනෙක් පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ගෙන අධිකරණයට පෙන්වුයේ තමන්ගේ අංකවලින් ඇමතුම් ගත් බව තමන්ගේ වාර්තාවල සටහන් වෙද්දී මිය ගිය සිසුවාගේ දුරකතන වාර්තාවල එසේ නැතැයි කීම ගැටළු සහගත බවයි.

මියගිය දෙදෙනා අන්තරයේ ඉදිරියෙන්ම වැඩ කළ සාමාජිකයන් බවත්, තම සාමාජිකයන්ට දිගටම තර්ජන ආ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සාක්කි දෙමින් පැවසීය.//

පොලීසියට හැර සිහිකල්පනාවක් තියෙන හැමෝටම හිතුණේ මේ ළමයින්ගෙ මූණු උල් ආයුධේකින් හිල් කරලා, මිටියකින් වගේ තලලා පොඩි කරලා තිබුණ විදියට මිටියකින් වගේ තිරිසන් විදියට ගහලා කරපු ඝාතනයක් බව. බයික් එකේ හානිය පවා මිටියකින් වගේ හිතාමතා කරපු හානියක් බව.

ඉතින්, සිවිල් ඇඳුමෙන් ඇඳගත්ත මිනිස්සු අයිඩෙන්ටි ඉල්ලද්දී අපි බය වෙන්නේ ඇයි, කලබල වෙන්නේ ඇයි කියන එක කාටත් අපැහැදිලි නෑ.

මුලින් ටී ෂර්ට් එකක් ගහගත්ත දඩ බල්ලෙක් බස් එකකට මුදාහැරලා එක්සාම්පල් එක පෙන්වන්න උත්සාහ කළා. ගුරු නායකයෙක් බිම දිගේ ඇදන් ගිහින් ආමි කෑම්ප් එකකට දාලා එක්සාම්පල් එකක් පෙන්වන්න උත්සාහ කළා. අදටත් සිදුවීමට යුක්තිය නෑ. ඉතිහාසයේ මේවා යට යනවා කියලා සමහරුන්ට හිතෙයි.

තරිඳුගේ බ්ලොග් එකේ නඩුවේදී හෙළි වූ තවත් කරුණු තිබුණා.

// කැලණිය විශ්ව විද්‍යාලයයේ සේවකයකු වන නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස (54) මහතා සාක්කි දෙමින් පැවුසවේ සිද්ධිය වූ දින ඉඹුලගොඩ හන්දියේ මල් ශාලාවක හර්ස් එකක් නතර කර තිබෙනු දුටු බවයි.

කැළණිය සරසවියේ අධ්‍යාපන ලැබූ කොළඹ කොච්චිකඩේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රණාන්දු (31) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයට ආ පුද්ගලයකු තමා සිද්ධිය දුටු බව පැවසූ බවයි. යතුරු පැදිය හරස් කර වාහනයක් දමනු දුටු බව ඒ පුද්ගලයා කීවේයැයි නිලාන් කීවේය.//

එදා වගේම සැප්තැම්බරයකට අපි ළං වෙමින් ඉන්නවා.

එහෙයියො හදන අධ්‍යාපන සිස්ටම් එකක් හදන්නට! මිලිටරීකරණය කරමින් අධ්‍යාපනය විකෘති කරන්නට කැසකවන උදවිය වෙඩි පහර කාපු ඌරො වගේ ඉන්නේ.

මොකද, සිසු සහ ගුරු සටන් නිසා ඒවා අඩපණ වෙලා.  අනෙක් පැත්තෙන් අයිතිවාසිකම් ඉල්ලන ගුරුවරුන් වගේම!

ඊළඟට මොනවා වෙයිද?  ජනක සිසිත ඉතිහාසය රිපීට් වේවිද? හදිසි අනතුරු වේවිද? 

හැබැයි බය එතැනින් නතර වෙන්නේ නෑ. බය එතැනින් එහාට ඇදෙනවා.

අනතුරු ගැන විමර්ශන සිදු නොවේවිද? ඒ අපරාධ ගැන කේන්තියෙන් මිනිස්සු ඉන්න පාලකයන් පැන්නුවාම! ඊළඟට එන සජිත් ප්‍රේමදාස හෝ වෙන කාගේ හෝ ආණ්ඩුවක් ඒ ඉතිහාසය යට කරලා දායිද?  තව අවුරුදු ගාණකට පස්සේ නැවතත් තවත් ආණ්ඩුවක් ඇවිත්! මේ විදියේම පාලනයක් ගෙනියන්න උත්සාහ කරයිද?

ලංකාවට මේ අපරාධ සංස්කෘතියන් ගැලවුමක් නැද්ද?