කැපිටල් මහරාජා සමූහයේ හිමිකරු එහෙම නැත්තන් ජනප්‍රිය අර්ථයෙන් කිව්වොත් සිරසෙ අයිතිකාරයා රාජා මහේන්ද්‍රන් නම් ව්‍යාපාරික බලවතා මියයාම සමාජ මාධ්‍යයේ ප්‍රධානම පුවතක් විදියට ඉස්මතු වුණා.
මේ සටහනේ අවධානය යොමු වෙන්නේ රාජමහේන්ද්‍රන් මහතාගේ මාධ්‍ය භාවිතාව ගැන වැදගත්ම කරුණු 15ක් වෙතට.
ලොකුම ප්‍රශ්නෙ තමයි මහරාජාගෙන් පස්සෙ සිරසට වෙන්නෙ මොකක්ද කියන එක. අපිට ඒ ගැන ටක්කෙටම කියන්න බැරි වුණත් මහරාජා නමින් හැඳින්වූ ව්‍යාපාරිකයා නැති ලංකාව තේරුම් ගන්න නම්, මහාරාජා හිටපු ලංකාව තේරුම් ගන්න එපැයි.
අංක එක.
මහාරාජා නිකම්ම නිකම් මීඩියා හිමිකරුවෙක් නොවී, බිස්නස් ගණනාවක ලොක්කෙක් වීම ඔහුගෙ මාධ්‍ය අධිරාජ්‍යයට වෙන විදියකට බලපෑව කියන්න පුළුවන්.
ඇයි? ඔහු සතුව බිස්නස් තිබුණ හින්දා.. වාණිජ කර්මාන්තයක් විදියට තමන්ගෙම සමාගම්වල දැන්වීම් එක්ක දුවන්න සිද්ධ වුණා. සමහර මීඩියා බිස්නස් ඇඩ් නැතිවේවි කියන බයෙන් සමහර මාතෘකාවලට අත ගැහුවෙවත් නෑ.
යුද්ධය ගැන රාජපක්ෂලාගෙ පීක් එක වෙච්ච 2010 කාලෙ රාජපක්ෂලා ගැන වෙන ප්‍රධාන මීඩියා හුම් නොකිය හිටියා.
ඒත් සිරසට ඔය ඕනෑ ගිනිගන්න මාතෘකාවට ගිහින්, ජනප්‍රිය නොවන මතේ කියන්න පුළුවන් වුණා.
අංක දෙක.
සිරසේ පැමිණීමෙන් පස්සෙ. නිමල් ලක්ෂපතිආරච්චි වගේ අයගෙ පැමිණීමෙන් පස්සෙ ලංකාවෙ මීඩියා උඩුයටිකරු වුණා. මුල් කාලෙ සිරසෙ බලපෑම ලංකාවෙ දේශපාලනේට කරපු බලපෑමක් නෙවෙයි. ඒක මීඩියා සහ එන්ටර්ටේන්මන්ට් පැත්තෙ බලපෑමක්.
ඔබ දකිනව ඇතිනෙ. අපේ මේ යූටියුබ් චැනල් එකේ පවා හැඩය අපි හදාගෙන තියෙන්නෙ ෆ්‍රී ස්ටයිල් එකකට. බොරු බරසාර වචන නෑ. ඉතාම සිම්පල්, සුහද සංවාදයක් කරන්න අපි ට්‍රයි කරනවා.
ඉස්සර තිබුණු සම්භාව්‍ය මාධ්‍ය හැඩය කඩලා, හෙණ සිම්පල් විදියට මිනිස්සුන්ට ළංවෙන්න සිරසෙ ආකෘතිය සමත් වුණා.
ඇත්ත, ඉස්සර රූපවාහිනියෙ ගිය ටෙලිනාට්‍ය උදාහරණයක් විදියට පළිඟු මැණිකේ සම්භාව්‍යයි. සිරසෙන් පෙන්නපු නාට්‍ය බාල ඇති. ඉන්දියන් ඒවා.
ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ වැඩසටහන් සම්භාව්‍යයි. සිරසෙන් එෆ්එම් ගිරව් සංස්කෘතියක් හදන්න ඇති.
ඉස්සර සංගීත වැඩසටහන්වල තිබුණේ මාර සංගීත රසයක්. රියැලිටි මියුසික් ගෙනල්ලා කෑවා වගේ සම්භාව්‍ය අදහස් ඔබටත් ඇති.
අවංකව කිව්වොත් සමහර භාවිතාවන් ගැන අපටත් මාර විවේචන තියෙනව.
ඒත්, පොදු මහජනතාවගෙ රසවින්දනය කියන එක, එයාලගෙ ලෝකය කියන එක හොඳ ආදායමක් තියෙන, විවේක බුද්ධියක් තියෙන, පොතපත කියවපු උගත් මධ්‍යම පන්තියක වුවමනා එපාකම්වලට හිර කරන්න බෑ.
කොහොමහරි රස රිසි ගී, අපි නොදන්න ලයිව් ආදී ලංකාවෙ ප්‍රේක්ෂකයො ජීවිතේට නොදැකපු වැඩසටහන් ගොන්නක් ඔවුන් ගෙනාව. අනුන්ගෙ පවුල් ජීවිත ගැන බලන්න ආස අපේ මිනිස්සුන්ට වැල වගේ ඇදෙන පවුල්වල කතන්දර මෙගා ටෙලිනාට්‍ය විදියට ආව. හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් පෙන්නුවා. හින්දි ටොප් ටෙන් පෙන්නුවා. තරුණයන් උදේ රෑ හීන දකින.. ආසාවෙන් පිස්සු හැදෙන තරුණ සුපිරි තරු පරම්පරාවක් ෂිහාන් මිහිරංගලාගෙන් හදන්න ගත්තා.
අංක තුන.
එන්ටර්ටේන්මන්ට් පැත්ත එක්ක, නවලිබරල්වාදී පරිභෝජනවාදී මිනිසුන් ගොඩනැගීමත් ඔවුන්ගෙන් සිද්ධවුණ වැඩක් වුණා. මේ යෙදුම ටිකක් නොතේරුණ අයත් ඇති.
පරිභෝජනවාදය කියන්නෙ දන්නවනෙ. එක එක බ්‍රෑන්ඩ්, එක එක වර්ණවත් දේවල් පාවිච්චි කරන්න හුරුවෙන එකට.
ඇඩ් එක බලලා, කොකාකෝලා වගේ බීම වර්ග. එක එක මාර මාර බඩු භාණ්ඩ හොයාගෙන ගිහින් මිලදී අරන්, ඒ බඩු භාණ්ඩ එක්ක ගැටගැහිච්ච කූල් කියල හිතන ලයිෆ්ස්ටයිල් එකට හුරුවෙන එකට.
මේ ගැන කතා කරද්දි අපි එක්ක අදහස් දක්වපු ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ සීනියර් කෙනෙක් කිව්ව දෙයක් තමයි ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාවට ඇඩ් එකක් දාගනිද්දි කොන්දේසි වගේම ඉහළ අයකිරීම් කළා කියල.
හදිසියෙ ඇඩ් එකක් බාරදුන්නොත් වැඩිපුර අය කරනවා. ඇඩ් එකේ කන්ටෙන්ට් එකටත් මැදිහත්වෙනවා.
හැබැයි සිරසයි ඉයස් එෆ්.එම් එකයි ආපු ගමන් ඒක වෙනස් වුණා කියල ඇය කිව්වා. නිමල් ලක්ෂපතිආරච්චි තමයි එතැනදි සංකල්පීය තලයේ තීරණාත්මක වැඩ ටික කළේ. එක එක බ්‍රෑන්ඩ්වල කෙළින්ම අනුග්‍රහය අරන්, විවිධ වැඩසටහන් ඕගනයිස් කරන්න ගත්තේ සිරසෙන්.
අංක හතර
සිරසට මේ වෙළඳ වැඩවලින් මාර ක්‍රවුඩ් එකක් හැදුණා. ඒ නිසාම දේශපාලනය ගැන ඕනෑ විදියක මැදිහත්වීමක් කරන්න ඔවුන්ට හයිය ආවා. මහාරාජා නිකම්ම බයගුල්ලෙක් නෙවෙයි, නිර්භීත ව්‍යාපාරිකයෙක් බව පෙනුණේ දේශපාලනේට ඔහුගේ ආයතනය මැදිහත් වූ විදිය නිසා.
දේශපාලනයෙදී සමහර දේවල් ගැන සිරසේ මතය හරිද? ඒ මතය වැරදිද? ඔබට ඔබේ අදහස් ඇති.
ඒ කියන්නෙ ඔබ යුද්ධය ගැන සිරස වාර්තා කරපු විදිය ගැන මාර තරහකින් ඇත්තෙ. ඒත්.. මතක තියාගන්න. අපි කැමති වුණත්, අකැමති වුණත් අපි එකඟ නොවන මතයට පවා ඉඩක් තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි.
මහරාජා රජුන් තනන දේශපාලන වැඩේට එලිපිටම අතගහන්න ගත්තා. ඒකත් එක්ක තමයි අර සිරසින්ම වර්ධනය කරපු පරිභෝජනවාදී රසික සමාජය තුළ සිරස ගැන පොඩි හිතේ මෙව්ව එකක් හැදුණෙ. සිරස එක්ක තරහක් ඇති වුණේ.
ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් වූ අස්ථාව තමයි 2005 න් පසුව මහින්ද රාජපක්ෂ යුද්ධයට තල්ලු වෙද්දි එක්සත් ජාතික පක්ෂයේ හඬ විදියට සිරස වැඩ කරන්න පටන්ගැනීම.
අංක පහ
සිරසෙ ප්‍රවෘත්තිවල මොටෝ එක තමයි වී රිපෝට් යූ ඩිසයිඩ් කියන එක. ඒ කියන්නෙ අපි වාර්තා කරන ඒවා බලල ඔයාලම තීන්දුව ගන්න කියන එක.
ඇත්තටම සිරස කළේ ඒකද? නැත්නම් එයාලගෙම කට්ටිය ඉඳගෙන එයාලගෙම ප්‍රවෘත්ති විග්‍රහ කරල මිනිස්සුන්ට හිතන්න ඕන විදිය කියා දුන්නද කියන එක වෙනම ප්‍රශ්නයක්. කොහොමහරි තමන්ගෙ දැක්ම ඒකයි කියල සිරස පෙන්වන්න හැදුව.
ඒ තේමා පාඨයත් කරේ තියං, යුද්ධයද සාමයද කියන මාවත් දෙකෙන් එකක් ලංකාව තෝරමින් හිටපු 2005 අවුරුද්දෙ සිරස ඉතා සුවිශේෂ භූමිකාවක් කළා මතක ඇති. රනිල් ආවොත් සාම මාවත. මහින්ද ආවොත් යුද්ධ මාවත.
2005-2010 කාලය ලංකාවෙ තීරණාත්මකම කාලයක්. දැන් කියැවෙන විදියට එදා කොටින්ට පවා යුද්ධය ඕනෑ වුණාලුනේ. රාජපක්ෂලා දිනවන්න ඕනෑ වුණාලු.
ඒත් සිරස බර තිබ්බෙ සාම මාවතට. මතක තියාගන්න වෙන කිසිම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඒ පැත්තට බර වුණේ නෑ.
අද සිරසට මිතුරු බලවේගයක් වන ජේවීපීයයි, හෙළ උරුමයයි මොන ලබ්බෙන් හරි ගහල යුද්ධෙ කරපන් කියන බලපෑම රාජපක්ෂ ආණ්ඩුවට කළා. ඒ මතවාදයට මාර හයියක් තිබුණා. ජේවීපීය ගමේ ගහන පෝස්ටරයෙ ඉඳන් පත්තර, ටීවී දක්වා.
රාවය වගේ ප්‍රධාන ධාරාවේ නොවන පත්තර සහ ඉංග්‍රීසි පත්තරවල ලිව්ව මාධ්‍යවේදීන්ටිකක් විතරයි වෙනස් මතයක් එදා කීවේ. ඉන්ටර්නෙට් එකත්එදා නෑ.
අන්න ඒ කාලෙ යම් ආකාරයකට යුද්ධය සම්බන්ධයෙන් මැද තැනක සිට වාර්තා කරන්නට සිරස උත්සාහ කළා.
යුද්ධය පිළිබඳ හැඟීම් දනවන වාර්තාකරණයක් තමයි අනෙක් මීඩියා කළේ. මිනිස්සුන්ගෙ ලේ ඇවිස්සෙන විදියට. රණකාමී මීඩියා කල්චර් එකක් හැදුණා. කැමා ඇඳන් යුද්ධ ටැංකිවල නැගල හමුදාවෙ අපේ කොල්ලො එක්ක හුරේ දාමින් තමයි යුධ වාර්තාකරණය සිද්ධ වුණේ.
ඒත් ඒ ජාතියෙ යුධ වාර්තාකාරයො සිරස ඇතුලෙ නෑ.
අංක හය
සිරස මෙහෙම කරද්දී, රාජමහේන්ද්‍රන් දෙමළ ජාතිකයෙක් වෙද්දී. ලේසියෙන්ම කොටි ලේබලේ වැදුණා. මේ ගැටුම සිරස සහ රාජපක්ෂවරුන් අතර දේශපාලන ගැටුමක් දක්වා තල්ලු වුණා.
ආරක්ෂක හමුදාවකට විතරක් කරන්න පුළුවන් විදියෙ ක්ලේමෝ ඇටෑක් එකකට ලංකාවෙ ජනමාධ්‍ය ආයතනයක් පළමු වැනි වතාවට ලක් වුණේත් එහි ප්‍රතිඵලයක් විදියට.
සමහරු චෝදනා කරනවා යුද්ධාවසානයට කලින් යම්කිසි වෙලාවක මහින්ද රාජපක්ෂයි රාජා මහේන්ද්‍රනුයි මුණගැසී ඇති බවත්. රොබට් බ්ලේක් එවකට හිටපු ඇමෙරිකානු තානාපතිවරයා මේ ගැන වොෂිංටනයට දැනුවත් කළ බව කලම්බු ටෙලිග්‍රාෆ් වතාවක් වාර්තා කරලත් තිබුණා.
යුද්ධය ඉවර වුණත් ජනමාධ්‍ය වාර්තාකරණයේදි සිරසට කොන්කිරීම් කරන්නත් එහි වාර්තාකරුවන් අපහසුතාවයට පත්කරන්නත් මේ පදනම බලපෑවා.
අදටත් සිරසෙ ජනමාධ්‍යවේදියෙක් ටිකක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවොත් පොහොට්ටුවෙ සමහර දේශපාලුවො සිරසනෙ කියල නක්කලෙ දාන්නෙ ඒ අතීත පුරුද්දෙ මතකයක් විදියට. හැබැයි සිරසෙ වාර්තාකරුවන් සමහර මාධ්‍ය සාකච්ඡාවල දාන ඩ්‍රාමා ටිකත් එච්චරම අහිංසක නැති බව කියන්න ඕනෑ.
අංක හත
සාමාන්‍යයෙන් කොටි ලේබලයක් වගේ වැදුණම. දේශද්‍රෝහී චෝදනා ආවම. සමහරු වෙනස් වෙනවා. ඒත්, කවදාවත් සිරස පාත් නොකර මහාරාජා තමන්ගෙ පාරෙ ගියා.
අන්න ඒක තමයි පශ්චාත් යුද ශ්‍රී ලංකාවෙ අනභිභවනීය යැයි කියපු රාජපක්ෂවරුන් ජනමාධ්‍ය අවකාශය ඇතුලෙ ලබපු ලොකුම මතවාදී පරාජය.
ඒ කියන්නෙ කොටි පරද්දන්න පුළුවන් වුණත් රාජපක්ෂවරුන්ගෙ භාෂාවෙන් කියනවා නම් සිරස පරද්දන්න රාජපක්ෂවරුන්ට බැරිවුණා.
අංක අට
අපි මීට කලින් වතාවක් කිව්ව. රාජපක්ෂවරුන් පරද්දන්න හරියන මතවාදය හැදුණේ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය යටතේ. ඒ කියන්නෙ ජනවාර්ගික ප්‍රශ්නය පොඩ්ඩක් පස්සට දාලා දූෂණ විරෝධය, පවුල් පාලනයට එරෙහි වීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වගේ ප්‍රශ්න ටික ඉස්සරහට ගත්ත දේශපාලන ව්‍යාපාරයක. පොදු අපේක්ෂක කැම්පේන් එකක්.
ඒ මතවාදයට ෆුල් මීඩියා සපෝට් එක දුන්නෙ සිරසෙන්. සෝභිත හිමියන්ට වගේම ඒ බලවේගයට සිරසේ ඉඩ ලැබුණා. රුදු රාජපක්ෂ පවුලේ අණසකට යට වූ අහිංසක රටක් ගැන චිත්‍රය පොදුජනයා අතරට යැව්වෙ සිරස.
අන්තිමේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් එළියට බැහැලා නහී වේරේන වේරානි කියල කියපු නව නගර ශාලාවෙ ඓතිහාසික මාධ්‍ය හමුව ෆුල් දුන්නෙ සිරසෙන්.
එතැනින් පස්සෙ සිරස සටන වැඩසටහන්වලට සම්පූර්ණයෙන් ඒ බලවේගයේ අය ගෙන්නුවා. මතක ඇති ඒ දවස්වල එස්එල්ටී එකෙන් සිරස බ්ලොක් කළත් එක්ක.
සිංහල බෞද්ධ දේශප්‍රේමය කියල එකක් කරේ තියාගත්ත, රාජපක්ෂවාදය ඇගට රිදෙන විදියට අභියෝගයට ලක් කරන්න සිරස මාර තල්ලුවක් දුන්නා.
අංක නවය
අපි කලින් කිව්වා, කොටි ලේබලෙන් සිරසට සිංහල මිනිස්සු නැති වුණා. ඒත්, ගම්මැද්ද වගේ වැඩසටහන්වලින් දුප්පත් සිංහල මිනිස්සුන් අල්ලගන්න ඔවුන්ට පුළුවන් වුණා. මෑතම කාලෙ පොහොර ප්‍රශ්නය වගේ ඒවායින් දුක්විඳින දුප්පත් මිනිස්සුන්ට වෙන කිසිම මීඩියා එකකින් නොලැබෙන ඉඩ දීලා ඒ මිනිසුන් දිනාගන්න සිරස සමත් වුණා. මේවා සෑහෙන දේශපාලනික වැඩ.
මේ වනවිට ලංකාවෙ ආණ්ඩුවිරෝධී මතවාදයේ ප්‍රධානතම වේදිකාව බවට සිරස පත් වුණේ එහෙම.
අංක දහය
සිරසෙ විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ කූට උත්සාහයක ආණ්ඩුව නිරත වෙලා ඉන්නවා කියන වෙලාවක තමයි රාජා මහේන්ද්‍රන් මිය ගියේ. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවා පස්සෙ පිළිගත්තා තමන් නීතිඥවරුන් පිරිසක් සමග යම්කිසි සාකච්ඡාවක් කළා කියලත්. ඊටත් ගොඩක් කලින් තමයි ගෝඨාභය රාජපක්ෂ තමන් මහරාජාලාට යටවෙන්නේ නෑ කියල කිව්වෙ.
අංක එකොළහ. රාජපක්ෂලාට ලොකුම අභියෝගය.
යුද්ධය අවසන් කරල කොටි ඉවර කරලා දශකයකට පස්සෙත් රාජපක්ෂලාගෙ සමකාලීන ජනමාධ්‍ය අභියෝගය තවමත් මහරාජාම තමයි කියල ඉතාම පැහැදිලියි. අපි වගේ යූටියුබ් බව්වන්ට වඩා… පොදුජනයාට කතා කරන්න සිරසට බලයක් තියෙන බව අපි ඉන්තීරුවෙන් පිළිගන්න ඕනෑ.
මේ නිසාම මහරාජා නැති සිරසෙ ඉදිරි ගමන කියන එක ලංකාවෙ ජනමාධ්‍ය කර්මාන්තයට විතරක් නෙවෙයි දේශපාලනයට වුණත් කරන්නෙ ලොකු බලපෑමක්.
අංක දොළහ
මේ කැල්ල සිරස ගමනේ වැදගත්ම කෑල්ලක්. ඒත් වෙලාව මදි නිසා කෙටියෙන් කියන්නං. රාජමහේන්ද්‍රන් රාජපක්ෂ විරෝධී ප්‍රබලම බලවේගයක් නිසා.. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙච්ච යූඇන්පීය තමන් යටතෙ තියාගන්න සිරසට ඕනෑ වුණා.
ඒත් රනිල් කාගෙවත් මතේට නැටුවෙ නෑ. අපි කියන්නෙ රනිල් මාර හොඳයි කියල නෙවෙයි.
කොහොමහරි රනිල් එක්කත් සිරස ගැටෙන්න ගත්තා. රාජපක්ෂලා විතරක් නෙවෙයි, රනිල්ටත් ඉන්න අංක එකේ හතුරා බවට සිරස පත් වුණා. සජිත් ප්‍රේමදාස එජාප නායකය කරල, රටේ නායකයා කිරීමේ දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් එකකට සිරස බැස්සේ ඒ අනුව.
ඒ ප්‍රොජෙක්ට් එක නිසා එක්තරා මොහොතක නයාට අඳුකොල වගේ වෙලා හිටපු ගෝඨාභය රාජපක්ෂ වඩම්මලා සිරසෙ වෙසක් කලාපය පවා විවෘත කරවන තැනට රාජා මහේන්ද්‍රනුත් තල්ලු වුණා.
මොකද ඒ වෙද්දි දේශපාලන උපායමාර්ගය වී තිබුණේ රනිල් පන්නාදැමීම නිසා. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත්.. ඒත් අගමැති රනිල් වික්‍රමසිංහ විරෝධී තැනකින් යහපාලන ආණ්ඩුවට ගහන තැනටත් සිරස තල්ලු වුණා.
රනිල් වික්‍රමසිංහ රාජා මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වෙනස් පිළිවෙතක් අනුගමනය කළා නම් සමහරවිට ලංකාවෙ දේශපාලනයෙ සමහර සිදුවීම් ගණනාවක්ම මීට වඩා වෙනස් විදියට ලියැවෙන්නත් තිබුණා.
අංක දහතුන
සිරස තමන්ගෙ දේශපාලන ප්‍රතිපත්ති රටට ගෙනියන්නට තමන්ගෙම මීඩියා තරු හැදුවා. සුපර්ස්ටාර් ජර්නලිස්ට්ලා. සටන වැඩසටහනේදී ප්‍රශ්න ඇසීමයි, විවිධ දේශපාලන වැඩසටහන්වල විග්‍රහ ඉදිරිපත් කිරීමයි ඔවුන් කළා. ඇමෙරිකාවෙ ෆොක්ස් නිව්ස් එක ෂෝන් හැනිටි, ටකර් කාර්සන් වගේ චරිත හැදුවා.
ෆොක්ස් නිව්ස් එකේ අයිතිකාරයා රූපට් මර්ඩොක් කියන්නෙත් සම්පූර්ණයෙන් දේශපාලනේට අතගහපු, මීඩියා බලවතෙක්. රූපට් මර්ඩොක්ගේ ආකෘතිය රාජමහේන්ද්‍රන් සෑහෙන දුරට අනුගමනය කළා.
සිරසෙන් හදපු සමහර තරු දේශපාලන පක්ෂවල දේශපාලනයත් කරන තැනට ගියා.
සිරසෙන් පඩි අරන් සිරසෙ ප්‍රෝග්‍රෑම් කරන ගමන් දේශපාලන පක්ෂවලට ගිය අය හිටියා. සුසාර දිනාල්, සුසිල් කිඳෙල්පිටිය, එස්.එම් මරික්කාර්, ශ්‍රී රංගා වැනි අය ඒකට ප්‍රසිද්ධ උදාහරණ. ඒ හැරුණාම සිරසෙන් ෆුල් තල්ලුව ලැබුණ දේශපාලනඥයන් පවා හිටියා.
මේක මීඩියා බලවතෙක් දේශපාලය කරපු අපූරු විදියක්. මේ ආකෘතිය ඔවුන් බොහෝදුරට ඇමෙරිකාවෙ ෆොක්ස් නිව්ස් එකෙන් ගත්ත එක්ක.
අංක දාහතර
ඔහුගෙන් දකින්න තිබුණු තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි තමන් යටතෙ වැඩ කරන සේවකයන් සම්බන්ධයෙන් ඔහුගේ ඇතැම් ගති සිරිත්.
අපි දන්න විදියට සිරසෙ ජොබ් එකක් ගැන කියනකොටම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මැරීගෙන වැඩ කරන්න ඕන කියන එක.
ඒ වගේම අනුමැතියක් නැතිව කිසිදෙයක් කරන්න බෑ. වෘත්තිය සමිති බෑ.
ඒත් ලොකු පඩියක් ලැබෙනව.
සිරසෙ මේ විධායක ශ්‍රේණියේ ජනප්‍රිය තරුවක්වීම ගැන සමහර විචාරකයෝ කීවෙ පැකේජ් එක ඇතුලෙ හිරවෙනවා කියලා. ඒ කියන්නෙ වෙනත් ආයතනයකින් නොකරන මට්ටමේ ගෙවීම් එක්ක ඒ මුදල නැතිව මාසෙ ජීවත්වෙන්න බැරි තැනකට ජනමාධ්‍යවේදියා තල්ලුවෙනවා.
ඉතින් ඒ වගේ සෙලිබ්‍රිටි කෙනෙක් සිරසින් එලියට යන්න තීන්දු කිරීමම ඓතිහාසික වරදක් විදියට මීඩියා ෆීල්ඩ් එකේ සැලකුවා. පිස්සු කෙළින්න එපා බං. සිරසෙ රස්සාවක් අතහරින්න යන කෙනෙක්ට ඒ උපදෙස පට ගාල ලැබුණ.
අංක පහළොව
සිරසෙ වැඩකරන ජර්නලිස්ට් කෙනෙක්ට උසස් අධ්‍යාපනයක් ලබන්න වගේ රාමහේන්ද්‍රන් යටතේ ඉඩ ලැබුණ.
සාමාන්‍යයෙන් තමන්ගෙ ආයතනවල සේවය කරන හොඳම දක්ෂ ජනමාධ්‍යවේදියකුට වුණත් උසස් අධ්‍යාපනය සඳහා ලැබෙන අවස්ථාවකට අතහිත දෙන්න ජනමාධ්‍ය හිමිකරුවන් කැමැති නෑ.
මොකද සමහර මීඩියා අයිතිකාරයො හිතන්නෙ ජර්නලිස්ට්ල ඉගෙනගත්තොත් මුං අපට වඩා පොරවල් වෙයි කියල. දැනුම ලබනවට බයයි. මේක ලංකාවෙ මීඩියාවල නිදන්ගත ලෙඩක්. ජර්නලිස්ට් කෙනෙක් ඉගෙනගන්න රට යනවනං ජොබ් එකෙන් අයින්වෙලා යන්න කියනව.
ඒත් මහාරාජා යටතෙ ඉගෙනගන්න කැමති අයට අඩු තරමෙ පඩියෙන් බාගයක්වත් ගෙවනව. ජොබ් එක නැතිවෙන්නෙ නෑ.
මහාරාජා තමන්ගෙ සේවකයන් උගතුන් වෙනවට බය වුණේ නෑ. මොන උගත වුණත්, ප්‍රාග්ධනයෙන් යට කරගන්න හැටි ඔහු දැනගෙන හිටිය.
ඉතින්..
දැන් සිරස කියන්නෙ රාජා මහේන්ද්‍රන් නැති සිරසක්.
රාජා මහේන්ද්‍රන් කියන චරිතය චැලේන්ජස් මැද්දෙ අත්නොහැර, තමන්ගෙ ගමන වෙනුවෙන් කරපු ෆයිට් එකක් එක්තරා විදියකට.
හැබැයි ඒ පොලිටිකල් පර්සනලිටි එක හැදෙන්නෙම ඒක ඇතුලෙ.
රාජා මහේන්ද්‍රන්ගෙ පුතා ශෂී මහේන්ද්‍රන්ට ඒ බරින්ම සිරස දරාගන්න පුළුවන් වේවිද කියල ඒ නිසාම අපට පැහැදිලි නෑ.